27 April 2024
#දේශීය

ආණ්ඩුව විසින් කරනු ලබන මර්දනයට එරෙහි පා ගමනක්

කොළඹ ස්ථාන කිහිපයකින් විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාවට සහාය පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිවිල් සංවිධාන කිහිපයක් සහභාගී විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙය පැවැත්වේ.

නමුත් විරෝධතාව ‍කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබානොදෙන බවට පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

නමුත් විරෝධතා සංවිධායකයින් පවසා සිටියේ මෙය සාමකාමි පාගමනක් බවත් අනිසි ලෙස කලබලයක් ඇති නොකරන ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *