• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කරනවා – ජනපති

19 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නව ආර්ථික ප්‍රවනතා මෙන්ම දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා එම වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ (18) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බල සේනාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.

අනාගත අභියෝග අවි ආයුධවලට පමණක් සීමා කළ නොහැකි බවත් ඒවාට මුහුණදීමට ඉහළ නිපුණතාවයකින් මෙන්ම නවීන තාක්ෂණ දැනුමෙන් යුත් ආරක්ෂක හමුදාවක් ගොඩනැඟීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම ආරක්ෂක හමුදාවන්ගේ සුබසාධනය සහ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබෙන බවත් ඒ පිළිබඳ මෙම නව ජාතික ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ස්වේච්ඡා බලසේනා ප්‍රධානි රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

අනතුරුව විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමුණු අතර පෙළපාළිය නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බල සේනාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කරමින් වර්ණ ධජ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව පැවති අලංකාරවත් තූර්ය වාදන සංදර්ශනය නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” නිදහසට පෙර රාජකීය හමුදාවේ ස්වේච්ඡා සේවයක් ලෙස නාවික හමුදාව ආරම්භ වුණා. දෙවන ලෝක යුද සමයේ දි කොළඹ වරාය ආරක්ෂා කිරීමේ වගකීම භාර දී තිබුණේ නාවික හමුදාවටයි. නිදහසින් පසුව ස්ථීර නාවික හමුදාවක් බිහි වුණා. ඔබ අද ඇතුළු වන්නේ මෙවැනි ඉතිහාසයක් තිබෙන විශේෂ හමුදා කණ්ඩායමකටයි. අද නාවික හමුදාවේ සේවය සඳහා ඔබ එක්වනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාව ආරම්භයේදී අපට සමුද්‍රීය තර්ජනයක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන් ඉන්දියන් සාගරය පාලනය කළේ මහා බ්‍රිතාන්‍යයේ නාවික හමුදාව. එම නාවික හමුදාව ඉන්දීය සාගරයෙන් පිටව යාමෙන් පසු අපට ගැටලු තිබුණේ නැහැ. නමුත් 1983න් පසුව අපට යුද්ධයකට මුහුණදීමට සිදු වුණා. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය මුහුදු යාත්‍රාවලින් දක්ෂතා පෙන්නුවා. ඔවුන්ට මුහුද අලුත් අත්දැකීමක් වුණේ නැහැ. නමුත් අපට මුහුද ගැන හැදෑරිය යුතුව තිබුණා. ටික කලකින් පසු අපේ ආරක්ෂක හමුදාවන්ගේ කැපවීම සහ දක්ෂතා නිසා මෙම මුහුදු කොටි සංවිධානය නැති කර දැමීමට හැකියාව ලැබුණා. අපේ නාවික හමුදාව මෙවැනි සටන්වලට දක්ෂ බවට එදා පිළිගැනීමක් ලැබුණා. සෝමාලියාවේ සිටි මෙවැනි කණ්ඩායම් පාලනය කිරීමට ලෝකයේ ප්‍රධාන නාවික හමුදා ගණනාවක් අවශ්‍ය වුණා. නමුත් අපට මෙය තනිව සිදු කිරීමට හැකි වුණා. දැන් යුද්ධය අවසන්ව වසර 14ක් ගතවී තිබෙනවා. දැන් අප වර්තමානය සහ අනාගතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අද අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ 2009 හෝ 1983 පැවති තත්ත්වයට නොවෙයි. අද ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ තිබෙනවා. එක පසෙකින් පැසිෆික් සාගරයේ ඇමරිකාවත්, චීනයත් අතර බල අරගලයක් තිබෙනවා. අනෙක් පසින් යුක්‍රේනය සහ බටහිර රුසියාව අතර බල අරගලයක් තිබෙනවා. එම බල අරගලය අපේ හමුදාව සේවය කරන මාලි රටේ අසල්වාසි රට වන අප්‍රිකාවේ නයිජර් රටටත් පැමිණ තිබෙනවා. ඉන්දියන් සාගරයේ තමයි ලෝකයේ වැදගත්ම වෙළෙඳ මාර්ගය පිහිටා තිබෙන්නේ. ශ්‍රී ලංකාව එහි වැදගත් ස්ථානයක් ගන්නවා. අප මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී නොවි ඉදිරියට යා යුතුයි. එහිදී අපේ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් අභ්‍යන්තර තර්ජන එනම් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීම්වලින් තමයි බොහෝ රටවලට අභ්‍යන්තර තර්ජන එල්ල වන්නේ. මේ සඳහාත් අප සූදානම් විය යුතුයි. අද ලෝක දේශපාලනයට අප සම්බන්ධ වී සිටිනවා. අප කැමති වුණත්, අකමැති වුණත් අප ඒ පිළිබඳ සිතිය යුතුයි. එසේ නම් මෙරට අනාගත ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. යුරෝපයේ සෑම රටක්ම වසර පහෙන් පහට හෝ දහයෙන් දහයට එවැනි සමාලෝචනයක් සිදු කරනවා. රටට තිබෙන තර්ජන කුමක්ද, රටට ඇති සම්පත් කෙසේද සහ ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳ සමාලෝචනයක් ඔවුන් සිදු කරනවා. ඒ අනුව තමන්ගේ හමුදා බලයත්, ආර්ථික ශක්තියත් සංසදනය කරමින් තීන්දු තීරණ ගනු ලබනවා.අපත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අද ඩෝනර් වැනි නවීන තාක්ෂණික උපකරණ විශාල වශයෙන් පවතිනවා. ඉන්දියන් සාගරයේ සබ්මැරින් යාත්‍රා භාවිතය වැඩි වී තිබෙනවා. එසේනම් අපේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් සබ්මැරීන් යාත්‍රා පාලනය කරන වැඩසටහනක් ඇති කිරීමට අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අනාගතයේ දී ගුවන් යානා ද ඩෝනර් ද ක්‍රියාත්මක වන්නේ කියා අපට කිව නොහැකියි. අදට වඩා වැඩි තාක්ෂණයක් ඉදිරියේ දී භාවිතා කළ යුතු වෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් සීග්‍ර වර්ධනයකට යා හැකි නම් ඒ සදහා අවශ්‍ය මුදල් වැය කළ හැකියි. දුප්පත් රාජ්‍යයක් ලෙස අපට මෙම කටයුතු කිරීම අසීරුයි. අතීතතයේ සිට අනාගත අභියෝගවලට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. නව ආර්ථික ප්‍රවනතා, දේශගුණික විපර්යාස යන මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සමාලෝචන වාර්තාව සකස් කළ යුතුයි. එම වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට අපේක්ෂා කරනවා. Defense 2030 මෙම වාර්තාව සැකසීම සදහා අවශ්‍ය සමාලෝචන කණ්ඩායම හිටපු මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පත් කර තිබෙනවා. එම වැඩකටයුතු සඳහා වෙනම කාර්යාලයකුත් ඇති කර තිබෙනවා. අනාගත අභියෝග අවි ආයුධවලට පමණක් සීමා කළ නොහැකියි. එසේම එය මුදල්වලට පමණක් සීමා කරන්න බැහැ. ඒ වගේම ඔබේ සුබසාධන කටයුතු පිළිබඳවත් හමුදා සේවයෙන් පසු ඔබේ අනාගතය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඔබේ කැපවීම අප අගය කරනවා ඒ පිළිබඳව ද මෙම නව ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට මම අපේක්ෂා කරනවා යැයි ජනාධීපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ, ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ස්වේච්ඡා බලසේනා ප්‍රධානි රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

කර්මාන්ත ප්‍රදර්ශනයක් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී

Next Post

එප්පාවල ප්‍රදේශවාසින් මත්ද්‍රව්‍යවලට එරෙහි විරෝධතාවයක

editor

editor

Next Post

එප්පාවල ප්‍රදේශවාසින් මත්ද්‍රව්‍යවලට එරෙහි විරෝධතාවයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved