27 April 2024
#දේශීය

කර්මාන්ත ප්‍රදර්ශනයක් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී

දේශිය ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණින් කර්මාන්ත ප්‍රදර්ශනයක් සැප්තැම්බර් මස 01, 02 හා 03 දිනයන්හි යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ, රට තුල ව්‍යාවසායකත්ව සංස්කෘතියක් ඇතිකිරීම තුලින් කර්මාන්ත සංවර්ධනය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීම මතයි.

කර්මාන්තයක නීතිමය තත්වය ශක්තිමත් කිරීම, කර්මාන්තයක කළමණාකරණ හැකියාවන් වර්ධනය, අලෙවි අවස්ථා ඇතිකිරීම, තාක්ෂනය හා ඉංජිනේරුමය සංවර්ධනය හා මූල්‍යම ශක්තිමත් භාවය ඇතිකිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් මේ වන විට විවිධ වැඩසටහන් දියත් කර ඇත.

මේ යටතේ කර්මාන්තවල දේශීය හා විදේශීය වෙලඳ අවස්ථාවන් වර්ධනය කිරීම හා ව්‍යාපාර අවස්ථාවන හඳුනා දීමේ වැඩපිලිවල යටතේ ‍තෝරාගත් පලාත් කීපයක කර්මාන්ත කර්මාන්ත ප්‍රදර්ශන සංවිධානය කර ඇත. එහි එක් කර්මාන්ත ප්‍රදර්ශනයක් සැප්තැම්බර් මස 01, 02 හා 03 දිනයන්හි යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති විවිධ කර්මාන්ත ක්ශේත්‍රයන් යටතේ ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී දැකිය හැක. මේ මගින් නව තාක්ෂනයන් හඳුනා ගැනීම, අලුත් ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම, අළෙවි අවස්ථාවන් ලබා ගැනීම, නව නිශ්පාදන කෙරෙහි යොමුවීම මෙන්ම ලංකාව පුරා ඇති නිෂ්පාදන අඩු මිලට ලබා ගැනීමේ අවස්ථාවද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන් ලබා ගත හැකිවේ.

මීට අමතරව මෙම ප්‍රදර්ශනයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුලු කර්මාන්ත සඳහා සේවා ලබා දෙන ආයතන හා සම්බන්ධ වී ඔබට ඔබේ ප්‍රදේශයේ සාර්ථක ව්‍යාවසායකයෙකු වීමේ අවස්ථාවන්ද ලබා ගත හැකිවෙනු ඇත.

මේ පිලිබඳ වැඩිදුර විස්තර 0212 222 421/0779497924 අංකයට අමතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත හැක.

Leave a comment

Your email address will not be published. Required fields are marked *