• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක් – මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල

7 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට ඊයේ (06) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක‍ට එක්වෙමිනි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය හා මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය කපිල සේනානායක මහතා, රාජ්‍ය ආදායම හා රාජ්‍ය වියදම පිළිබඳවත්, වාර්ෂික අයවැය හිඟය පියවා ගැනීමේදී රජය අනුගමනය කරන මූල්‍යන ක්‍රමෝපායන් පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළ අතර කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කරන බවත්, එය අනෙකුත් ආසියාතික රටවලට සාපේක්ෂව ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් වන බවත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය, පුද්ගලික බදු තත්වයේ ගැටළු, පුද්ගල ආදායම් බද්දට අදාළ බදු ප්‍රතිසංස්කරණ, පුද්ගල ආදායම් බදු වැඩි කිරීම සඳහා පදනම හා බදු ප්‍රතිසංස්කරණවල ඇඟවුම් පිළිබඳව සේනානායක මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළේය.

දැනට ක්‍රියාත්මක වන උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයින් අතර යම් ගැටළුකාරී තත්වයක් පැන නැගී ඇති බවත්, එනිසාම ඔවුන් පත්ව ඇති අපහසුතාව හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට පැමිණ ඇති බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා පැන නැගී ඇති ගැටළු වලට විසඳුම් වෙනුවෙන් අදහස් සහ යෝජනා ලබාගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ බව ඒ මහතා පැවසීය.

මතුව ඇති ගැටළුවලට ගතහැකි කඩිනම් විසඳුම් හා යෝජනා මෙම සාකච්ඡා තුළින් ලබාගෙන කඩිනම් කෙටිකාලීන විසඳුම් යෝජනාවක් ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් කේ.කේ.අයි. එරන්ද මහතා, නව බදු පනතට අනුව බද්දට යටත් පුද්ගල ආදායම ගණනය කරන ආකාරය, විවිධ බදු පනත් ගෙනහැර දක්වමින් පැහැදිළි කළේය.
මෙම සාකච්ඡාවට එක්ව සිටි වෘත්තිය සමිති නායකයින් කියා සිටියේ මෙම නව බදු ප්‍රතිපත්තිය මගින් පුද්ගල ආදායම මත අයකරන බදු ක්‍රමයේ ගැටළු පවතින බවත්, බදු ප්‍රතිපත්ති සකස් කිරීමට පෙර වෘත්තීය සමිති සමඟ ද සාකච්ඡා කරන ලෙසයි.

අනෙකුත් රටවල් මෙන්ම අයකරන බදුවලට සාධාරණ සේවාවක් මහජනතාවට ලබා දිය යුතු බවත්, නව බදු පනත මගින් වෘත්තිකයින් පත්ව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් වෘත්තීය සමිති නායකයන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඩබ්ලිව්.එම්.ජී. කුමාරතුංග, මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ තනූජා පෙරේරා, අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්ම මහත්මීහු සහ වෘත්තිය සමිති නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

දැන් ජනතාව රැවැට්ටීමේ යුගය ඉවරයි – සමන්ත විද්‍යාරත්න

Next Post

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව දෙයි – වන්දිය ඩො. බිලියන 1යි (video)

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව දෙයි – වන්දිය ඩො. බිලියන 1යි (video)

24 July 2025
පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

24 July 2025
ශ්‍රී ලංකාවට ආවේණික නව කූනිස්සන් විශේෂ දෙකක් සොයාගැනේ

ශ්‍රී ලංකාවට ආවේණික නව කූනිස්සන් විශේෂ දෙකක් සොයාගැනේ

24 July 2025
මාලිමාව පෙරළා වැලිගම බලය  සජබය අල්ලයි

මාලිමාව පෙරළා වැලිගම බලය සජබය අල්ලයි

24 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව දෙයි – වන්දිය ඩො. බිලියන 1යි (video)

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව දෙයි – වන්දිය ඩො. බිලියන 1යි (video)

24 July 2025
පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

24 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved