27 April 2024
#දේශීය

සතොස මලුවල තිබු හොරොයින් ගැන පැහැදිලි කිරීමක්

සතොස ආයතනයේ මලුවල තිබූබව කියන හෙරොයින් වලට ආයතනයේ සම්බන්ධයක් නෑ, අවස්ථාවාදී ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන බව ලංකා සතොස ජ්‍යේෂ්ඨ විධායක නිළධාරී ඒ.එච්.එම්. ෆරාස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සතොස ප්‍රධාන කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදිය.

මෑතකදී සතොස සහල් මලුවල තිබී හමුවූ බව කියන හෙරොයින් තොගය හා ලංකා සතොස ආයතනය අතර සම්බන්ධයක් ඇතැයි ඇතමුන් කරන ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන බවත් ඇතමුන්ගේ දේශපාලන වුවමනා ඉටුකර ගැනීමට රජයේ ආයතනයක් වන සතොස ආයතනය භාවිත නොකරණ ලෙස ඒ මහතා පැවසිය.

වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙලෙසද පැවසීය” මේ දිනවල රටේ බොහෝ තැන්වල කතා කරනවා හෙරොයින් සම්බන්ධව ලසතොස සහල් මලුවල අසුරල තිබුනු හොරොයින් තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගත් පුවතකුත් පසුගිය දවස්වල මාධ්‍ය මගින් වාර්තා කරල තිබුනා. ඒ පුවත වාර්තා කිරීමේදී සතොස ආයතනයට බරපතල හානියක් සිදුවෙලා තිබුනා. දැන් සමාජ මාධ්‍ය මගින් මේ පුවතට වෙනස්ම මුහුණුවරක් දීලා. ඒකට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව සම්බන්ධ කරල වැරදි පුවත් ජනතාව අතර පතුරනවා.
සතොස ලාංඡනය තියෙන ගෝනිවල යම් කිසිවක් තිබුනා කියල ඒකෙ වගකීම සතොසට භාර ගන්න බැහැ. මොකද සතොස ආයතනය භාණ්ඩ සිල්ලරට මෙන්ම තොග වශයෙනුත් වෙළඳ සැල්වලට අලෙවිකරනවා. ඒ නිසා සතොස ලාංඡනය සහිත අසුරණ ඕනෑම ස්ථානයක තිබෙන්න පුළුවන්. මේ නිසා මම කරුනාවෙන් මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා මේ සතොස ජනතාවගේ තැනගඒක විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්න එපා කියලා.

අපේ ලංකා සතොස ආයතනය කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මගපෙන්වීම යටතේ මේ වන විට සීඝ්‍ර දියුණුවක් ඇතිකරගෙන තිබෙනවා. සමස්තයක් ලෙස දේශීය වෙළඳපොලේ මිල තීරකයා වෙන්නත් අපට හැකියාව ලැබී තිබෙනවා. අමාත්‍යවරයාගේ කැපවීමත් සතොසේ දියුණුවත් බලාඉන්න බැරි අවස්ථාවාදීන් පිරිසක් තමයි මේ අසත්‍ය ප්‍රචාර රට පුරා ගෙන යන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *