• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් – ඇමැති ප්‍රසන්න

22 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්දන් මහතාට ඊයේ (21) උපදෙස් දුන්නේය.

එමගින් ආයතනය තුළ ඇති අඩුපාඩු සියල්ල හෙළිදරව් කරගත හැකි බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් නවීන ලෝකයට ගැලපෙන පරිදි දියුණු කිරීම සඳහා මෙවැනි විගණන පරික්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවද කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආයතනයේ නිලධාරින් හා වෘත්තිය සමිති සමඟ ඊයේ (21) දින පැවැති සාකච්ඡාවේදීයි.

ප්‍රධාන ගබඩාව, වාත්තු අංශය, යාන්ත්‍රික අංශය, විදුලි අංශය, බර වෑද්දුම් අංශය සහ වඩු අංශයන්හි කටයුතු සිදුවන ආකාරය ද ඇමතිවරයා මෙහිදි නිරීක්ෂණය කළේය.

ආයතනයේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය සිදුකළ අතර ඉදිරි සැලසුම් හා ආයතනයේ පවතින ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ආයතනයේ ඉහළම නිලධාරියාගේ සිට ආයතනයේ පහළම සේවකයා දක්වා සියළු දෙනා සම්බන්ධ කර ගනිමින් කළමනාකරණ රැස්වීමක් මාසයකට සැරයක් පවත්වන ලෙසද ඇමතිවරයා විසින් මෙහිදී එහි සිටි නිලධාරින්ට උපදෙස් දුන්නේ ය. ඒ සෑම සාකච්ඡාවකටම ආයතනයේ සෑම වෘත්තිය සමිතියක්ම සම්බන්ධ කරගැනීම අනිවාර්ය බව ද ඇමතිවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා, ” මේ ආයතනයේ අපි විගණනයක් සිදු කරන්න ඕනේ. ඒක කරන්නේ මේ ආයතනයේ මිනිස්සුන්ගේ වැරැදි හොයන්න නෙමෙයි. ආයතනයේ අඩුපාඩු මොනවද කියලා බලන්නයි. වැරැදි සිද්ධ වෙලා තියෙනවා නම් හොරකම් කරලා තියෙනවා නම් ඒවාට දඩුවම් ලබන්නයි, දඩුවම් ලබා දෙන්නයි ඕනේ. මම කාවත් බේරන්න ලෑස්ති නෑ. ඒක ආණ්ඩුවේ මොන දේශපාලන පක්ෂයට, වෘත්තිය සමිති වලට හිතවත් අය වෙන්න පුළුවන්. ඒ විගණන වාර්තාව ආවට පස්සේ මටවත් මුකුත් කරන්න බෑ. මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ගේන්න පුළුවන් ව්‍යාපාරික යෝජනාවක් සකස් කරන්න. මේ සියළු දේ කරන්නේ මේ ආයතනයේ උන්නතිය වෙනුවෙන්. ආයතනයට උන්නතියක් වෙනවා කියන්නේ සේවකයන්ට හොඳක් වෙනවා. ඒ කළමනාකරණ රැස්වීමේදී වෘත්තිය සමිති වලට පුළුවන් තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ අපේ ආයතන කිහිපයක් තියෙනවා ඉංජිනේරු සංස්ථාවට පසුගිය කාලේ සේවකයෝ බඳවා ගෙන විශාල ප්‍රමාණයකට පඩි ගෙවන්න ගිහින් දැන් එක පඩියක්වත් ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. එදා වෘත්තිය සමිති කෑ ගැහුවා නම් මේක ආයතනයට බරක් කියලා මේ ආයතනයට මෙහෙම වෙන්නේ නෑ. ඒත් ඔවුන් එහෙම කරලා නෑ. මම නම් සේවක බදවා ගැනීම් කරලා නෑ. මම දන්නවා දැන් ආයතනය තිබෙන තත්ත්වය. දේශපාලන අධිකාරිය ආවම යම් යම් බලපෑම් කරනකොට ඔබට හයියක් තියෙන්න ඕනේ සියළු දෙනා එකතු වෙලා මේකට විරුද්ධ වෙන්න. ආයතනයට සේවකයෝ බදවා ගෙන ඔවුන්ගේ රැකියා අහිමි වූණාම කවුද වගකියන්නේ. ආයතනයේ සේවකයෝ වැඩිනම් අවශ්‍ය අයව පමණක් තියාගෙන වැඩි අතිරික්තය වෙනත් දැනකට දාමු. මොකද පඩි ගෙවන්න වෙන්නේ ඔබගේ ආදායමෙන්. වියදම් අඩු කරලා ලාභ වැඩිකරන තත්ත්වයක් ගැන හිතන්න. මම මගේ අදහස ඉදිරිපත් කරනවා. මම රාජ්‍ය ඇමතිතුමාට කියන්නේ මේ දේ සංශෝධනවලට ගිහින් මේ අදහස වැඩි දියුණු කරලා වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්. අපි ඉන්නේ ප්‍රතිපත්ති තීන්දු හදලා ඔබට උදව් කරන්නයි.”යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්දන්, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද විජේසිංහ ඇතුළු එහි නිලධාරින් සහභාගී වූහ.

Post Views: 5
Previous Post

පොදු ප්‍රවාහන රථ ආනයනය කිරීමේ දී ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

මාතලේ ජල හිගයට පිළියම්

editor

editor

Next Post

මාතලේ ජල හිගයට පිළියම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved