27 April 2024
#දේශීය

මාතලේ ජල හිගයට පිළියම්

පවතින වියළි කාලගුණීක තත්වය හේතුවෙන් පානය ජල හිගයෙන් පිඩාවට පත්ව ඇති මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනමින් ජල පහසුකම් ලබා දිමට පියවර ගන්නා බව මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

දිසාපතිවරිය මේ බව කියා සිටියේ පවතින වියළි කාලගුණික හේතුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව ක්‍රිඩා හ‍ා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිසා ලේකම් කාර්යාලයේදි පැවති විශේෂ සාකච්ඡාවකදිය.

මෙහිදි අදහස් දැක්වු ක්‍රිඩා ‍හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ කිසිදු අයෙකු ජලය නිසා පිඩාවට පත්විමට ඉඩ නොතබන බවත් පානිය ජල අවශ්‍යතාවයන් ඇති සියලු දෙනාට බාධාවකින් තොරව ජලය සපයා දිමට ක්‍රියා කරන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හරහා අදාළ ක්‍රියාවන් සිදු කරන බවත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනිම සදහා ජනාධිපතිවරයාද දැනුවත් කිරිමට පියවර ගන්නා බවය.

මෙහිදි අදහස් දැක්වු මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා කියා සිටියේ මාතලෙ ්මහ නගර සභාව සතු බවුසර් මගින් ජලය ලබා දිමට හැකි බවත් ඉල්ලිම් සහ අවශ්‍ය ස්ථාන නම් කර ඉල්ලිම් සිදු කරන ලෙසය.

මෙහිදි දැනට දඹූල්ල,ගලේවෙල විල්ගමුව යටවත්ත නාඋල ආදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පානිය ජල අවශ්‍යතාවයන් සදහා ජාතික ජල සම්පාදන මණ්ඩලය මාර්ගයෙන් බවුසර් මගින් ජලය ලබා දෙන බවත් අවශ්‍ය වු අවස්ථාවලදි මාතලේ මහ නගර සභාව සහ අනෙකුත් ප්‍රාදේශීය සභාවල පවතින බවුසර් මගින් ජලය ලබා දිමට අවශ්‍ය පියවර ගැනිමටද මෙහිදි තිරණය කෙරුණි.

මෙම රැස්විම සදහා මාතලේ අතිරේක දිසාපතිවරුන් වන නිශාන්ත කරුණාතිලක,රිස්මිනා රියාල්දින් , ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවිර,මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ,යන මහත්ම මහත්මින් ජල සම්පාදන, පොලිසියේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *