27 April 2024
#සංවර්ධන

පොහොර භාවිතය ගැන උතුරු හා නැගෙනහිර කෘෂිකර්ම නිලධාරින් දැනුවත් කෙරේ

2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීම් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2018 මහ කන්නය සඳහා රසායනික පොහොර භාවිතයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනය පිලිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට (27) දින පෙරවරු 9 ට යාපනය වීරසිංහම් ශාලාවේදී සිදු කෙරේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම සම්මන්ත්‍රණයේදී රජය විසින් පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර අවභාවිතය වැළැක්වීම සඳහාත්, කෘෂිකර්මාන්තයේදී රසායනික පොහොර භාවිතය හැකි තරම් පාලනය කිරීම මඟින් පසට සිදු වන හානිය වළක්වා ගැනීමත් මෙහිදී අවධාරනය කෙරේ.

මෙම සම්මන්ත්‍රණය දෙමල මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථම වතාවට වන අතර ඊට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අන්ගජන් රාමනාදන් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *