27 April 2024
#දේශීය

භුමදාන ගැන අලි සබ්‍රි යෝජනා කලට අවසර දුන්නේ නෑ -කැබිනට් ප්‍රකාශක කෙහෙලිය

පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍යවරයා විසින් කොරෝනා ආසාදිතව මිය ගිය මුස්ලිම්වරුන්ගේ මෘත දේහ භුමදාන සම්බන්ධයෙන් යෝජනා කල ද එයට කිසිදු අවසරක් හෝ අනුමැතියක් ලබා දීමක් සිදු නොවු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා ආසාදනයට ලක්ව මිය යන මුස්ලිම්වරුන්ගේ මෘත දේහ භුමදාන කිරීම සම්බන්ධයෙන් වැරදි මතවාදයක් ප්‍රචාරය වී ඇති බවයි.

නමුත් එම තීරණය සම්බන්ධයෙන් කරුණු සියල්ල සෞඛ්‍යමය හා තාක්ෂණික වශයෙන් තීන්දු ගන්නා කණ්ඩායමකට හෝ කණ්ඩායම් වලට යොමු කිරීමට කැබිනට් මණ්ඩලයේදී තින්දු වී ඇති බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *