27 April 2024
#ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් පිල IPL තරඟාවලියේ ශූරයින් බවට පත් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවති 13 වැනි IPL තරඟාවලියේ ශූරයින් බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.

IPL තරගාවලියේ මෙවර අවසන් තරඟයට පිවිසුණේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

අවසන් මහා තරඟය මුම්බායි කණ්ඩායම ජය ගත්තේ කඩුලු 05කින්.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේය. නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07කට ලකුණු 156ක් ලෙස ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04කදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *