27 April 2024
#දේශීය

යතුරුපැදි අනතුරින් 15 හැවිරිදි සිසුවෙක් මරුට

ඉංගිරිය, කුරන අක්කර 36 මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් ඊයේ (24) පස්වරුවේ අනතුරට ලක් වීමෙන් පැදිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු පැදිකරු හා පසුපැදිකරු හොරණ රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මෙලෙස මිය ගොස් ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 15 ක් වු කොටිගල, හඳපානගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *