• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

දුදරුවන්ගේ මහමග ආරක්ෂාව වෙනුවෙන් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, තවදුරටත් කැප වේ

14 September 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, ජාතියේ වටිනා ම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් “අලියාන්ස් ප්‍රොටෙක්ට්” යන තේමාව ඔස්සේ දියත් කරන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් තබමින්, දරුවන් සම්බන්ධ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා පොලිසියේ වාර්තාවලට අනුව 2023 වසරේ මුල් මාස 4 තුළ රිය අනතුරුවලින් 700කට අධික මරණ සංඛ්‍යාවක් සිදු ව ඇති අතර, සමස්ත මාර්ග අනතුරුවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි ආශ්‍රිත අනතුරු බව එම වාර්තාව පෙන්වා දෙයි. මෙසේ රිය අනතුරුවලට ගොදුරු වූවන්ගෙන් 63% ක් වයස අවුරුදු 15 ත් 64 ත් අතර ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබා දිය හැකි වයස් කාණ්ඩවල පසු වන්නන් බවත්, ඒ අතරින් බහුතරයක් දරුවන් බවත් එම වර්තාව මගින් වැඩි දුරටත් අනාවරණය කරයි.

මහමග දරුවන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැප වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම “අලියාන්ස් ප්‍රොටෙක්ට්” යටතේ යතුරුපැදිවල ගමන් කරන දරුවන් වෙත ආරක්ෂිත හිස් වැසුම් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇති අතර, මෙම වැඩසටහන 2022 වසරේදී ද ක්‍රියාත්මක කෙරුණු අති සාර්ථක ව්‍යාපෘතියේ දෙවන අදියරයි. මෙහි දී ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය සහිතව මෙම ප්‍රතිලාභයන් ලැබීම සඳහා සුදුසුකම් සහිත දරුවන් හඳුනා ගන්නා අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, පාසල වෙත ගමන් කරන සහ පාසල් නිම වී නැවත පැමිණෙන කාලය තුළ මහා මාර්ගය භාවිතා කරන එම දරු දැරියන්ගේ ආරක්ෂාව නිරීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇත. අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම විසින් මෙම වැඩසටහන අඛණ්ඩව දෙවන වසරටත් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ අනතුරු අවම කිරීම හරහා මෙරට දරුවන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමයි.

2023 සැප්තැම්බර් 13 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගමට අයත් ශාඛා 20ක් ආශ්‍රිත ව ළමා ආරක්ෂිත හිස්වැසුම් 1,000ක් බෙදා දීමට නියමිතය. මෙම උපායමාර්ගික වැඩසටහන මඟින්, විශේෂයෙන් ග්‍රාමීය සහ ඒ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත ව, ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදිවල ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අලියාන්ස් ලංකා සමාගම කැප වනු ඇත.

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී රංග ඩයස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “2022 වසරේ දී අති සාර්ථකත්වයට පත් වූ මෙම වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. මාර්ග අනතුරු අවම කිරීම වෙනුවෙන් දියත් කෙරෙන වැඩසටහන්වල දී ළමා ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් සිය ආයතනික වගකීම ඉටු කිරීම වෙනුවෙන් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම කැප වෙනවා. ඒ වගේ ම මෙම වැඩසටහන ඉදිරි වසරවල දී ත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක වැඩසටහන ශ්‍රී ලංකා පොලිසියේ සහ අලියාන්ස් ලංකා රක්ෂණ සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන්, අලියාන්ස් ලංකා රක්ෂණ සමාගමට අයත් මාලඹේ ශාඛාවේ දී පැවැත්වුණු අතර, මෙම සහයෝගීතාව මගින් ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සාමූහික ව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

පොලිස් රථවාහන පරිපාලන අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, මහතා ද මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ, “යතුරුපැදි අනතුරු ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් දක්නට ලැබෙනවා. අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින්, දරුවන් අතර හිස් වැසුම් භාවිතය ප්‍රවර්ධනය කරමින්, අනතුරක දී බරපතල තුවාල අවම කිරීමට සහ මහ මඟදී දරුවන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.” යනුවෙනි.

2023 වසරේ දී මෙම වැඩසටහන මාලඹේ, රත්නපුර, වෙන්නප්පුව, දඹුල්ල, අම්පාර, නෙල්ලිඅඩි, අම්බලන්තොට, ඇල්පිටිය, කළුබෝවිල, ගම්පොළ, තණමල්විල, චාවකච්චේරි, නිට්ටඹුව, කුරුණෑගල, බලංගොඩ, මාතලේ, මුලතිව්, ගිරිඋල්ල, කල්මුණේ සහ ජා – ඇළ යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිත අතර, මෙම පුළුල් ආවරණය මඟින්, ශ්‍රී ලංකාව පුරා සිටින සුවහසක් දරු දැරියගේ මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීමට අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම අරමුණු කරයි.

පිටපත -PR

Post Views: 12
Previous Post

ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්.. ඝාතනයට මිත්තණිය අත්අඩංගුවට

Next Post

අපේ පක්ෂය පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ – මන්ත්‍රී රංජිත්

editor

editor

Next Post

අපේ පක්ෂය පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ - මන්ත්‍රී රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved