27 April 2024
#දේශීය

ලැගුම්හලක පාසල් දැරියකගේ මළ සිරුරක්.. ඝාතනයට මිත්තණිය අත්අඩංගුවට

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක පසුගිය 12 වනදා කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට දැනුම්දී තිබුණි.

ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මළ සිරුරක් සහ තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන ඇත.

පසුව එම කාන්තාව ගිලන්රථයකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය සිදු කල විමර්ශනයේදී හෙලිව ඇත්තේ මෙම දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පලමු විවාහයේ දැරිය බවට අනාවරණ වී ඇත.

එමෙන්ම මිය ගිය දැරිය මිත්තණිය සමඟ පසුගිය 09 වනදා මෙම ලැගුම්හල වෙත පැමිණ ඇති අතර එහිදී කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබාදී, නිදි පෙති 10ක් ලබාදී දැරියව ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගොස් සිට ඇත්තේ අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.

මියගිය දැරියගේ මිත්තණිය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර දැරියගේ පියා වෙත භාර දී තිබේ.

අපරාධයට සම්බන්ධ 63 හැවිරිදි කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *