• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අලියාන්ස් ලංකා සමාගම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරයි

1 April 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලියාන්ස් ලංකා සමාගමේ ‘Women in Leadership Employee Resource Group’ විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

2023 මාර්තු 07 දින පවත්වන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ, අලියාන්ස් ලංකා සමාගමේ සේවය කරන කාන්තාවන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ වෘත්තීය හා පෞද්ගලික දියුණුව සඳහා මූලික මගපෙන්වීමක් ලබාදීම ය. “Taking Charge of Getting the Career You Want and Deserve” යන තේමාව යටතේ පවත්වන ලද මෙම වැඩසටහනේදී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නීති හා සමාගම් ලේකම් කටයුතු ප්‍රධානී නදීජා තම්බයියා මහත්මිය සහ, MAS Holdings සමාගමේ කාන්තාවන් සවිබලගැන්වීම, උපදේශනය සහ චර්යාධර්ම මාලාව සම්බන්ධ ප්‍රධානී තනූජා ජයවර්ධන මහත්මිය අදහස් දැක්වූහ.

අලියාන්ස් ලංකා සමාගමේ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය සහ හවුල්කරුවන් නියෝජනය කරන 100 කට අධික කාන්තාවන් පිරිසක් මෙම වැඩසටහනට සහභාගී විය. සමානාත්මතාව, තමන්ට රිසි වෘත්තීය මාර්ගයක් තෝරාගැනීම, වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමනට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම, රැකියා ස්ථානයේ පවතින ස්ත්‍රී පුරුෂභාවය සම්බන්ධ ඒකාකෘතිකරණයේ (Gender stereotyping) බලපෑම්වලින් මිදීම සහ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර සමබරතාව පවත්වා ගැනීම යනාදී මාතෘකා මෙහිදී සාකච්ඡා කරන ලදි. අලියාන්ස් ලංකා සමාගමේ ‘Women in Leadership Employee Resource Group’ හි මූලික අරමුණ වන්නේ, තම වෘත්තීය ජීවිතය තමන්ට කැමති පරිදි කළමනාකරණය කරගනිමින් ඉදිරියට යාම සඳහා සමාගමේ සේවය කරන කාන්තාවන් සවිබල ගැන්වීම ය. එම අරමුණ මූලික කරගෙන පැවති මෙම උත්සවය අතිශයින් සාර්ථක වූ අතර, ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු පැවසුවේ එය තම වෘත්තීය හා පෞද්ගලික ජීවිතවල යහපත් වෙනස්කම් ඇතිකිරීම සඳහා බලපානු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ නදීජා තම්බයියා මහත්මිය, කාන්තාවන් තමන් කෙරෙහි විශ්වාසය තබමින් තම වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය සහ වගකීම් තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කරගැනීමේ වැදගත්කම මෙන්ම, රටේ ආර්ථික වර්ධනය උදෙසා ඔවුන් දායක විය යුත්තේ කෙසේද යන්න පෙන්වා දුන්නා ය. ව්‍යාපාරික ලෝකයේ කැපීපෙනෙන චරිතයක් මෙන්ම නීතීඥවරියකද වන නදීජා තම්බයියා මහත්මිය, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානී ලෙස කටයුතු කරන අතරම, එම සමූහයේ විවිධත්ව හා අන්තර්කරණ වැඩසටහනේ සාමාජිකාවකද වෙයි. කලාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ලාභ නොලබන ආයතන කිහිපයක භාරකාර මණ්ඩලවලද සේවය කරන නදීජා තම්බයියා මහත්මිය, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ අධ්‍යක්ෂිකා සංසදයේ උප සභාපතිනියද වේ.

ඉන් අනතුරුව උත්සව සභාව ඇමතූ තනූජා ජයවර්ධන මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ ආයතනික කළමනාකරණය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා සක්‍රීයව දායක වීමේ වැදගත්කම මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව හා යහපැවැත්ම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. තවද ජයවර්ධන මහත්මිය, එය සමාගම්වල පමණක් නොව සමස්තයක් ලෙස ප්‍රජාවන්ගේ හා ආර්ථිකයේ දියුණුවට බලපාන ආකාරය ඇය පැහැදිලි කළා ය. නීතීඥවරියකද වන තනූජා ජයවර්ධන මහත්මිය, ව්‍යාපාරික ලෝකය තුළ සහ ඉන් පිටත කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව මනා අවබෝධයක් ලබා ඇත. MAS සමූහයේ ‘Women Go Beyond’ වැඩසටහනට නායකත්වය දෙන ඇය, ‘MAS DNA’ වැඩසටහනේ ප්‍රධානී ලෙසද කටයුතු කරයි. ‘MAS DNA’ යනු MAS සමූහ ව්‍යාපාරයේ දෛනික ක්‍රියාකාරකම් සම්බන්ධ සාරධර්ම හා ප්‍රතිපත්ති මාලාවක් මෙන්ම දුක්ගැනවිලි කළමනාකරණය සම්බන්ධ මාර්ගෝපදේශ එකතුවකි.

“ලෝක කාන්තා දිනය සමරමින් මේ ආකාරයට අපගේ සාමාජිකාවන් සවිබලගැන්වීමට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. ස්ත්‍රීපුරුෂ භාවය හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව, සියලුම දෙනාට දියුණුව කරා යා හැකි සමාන හා සාධාරණ පරිසරයක් සමාගම තුළ පැවතිය යුතු බව අප විශ්වාස කරනවා. එමෙන්ම, කාන්තාවන්ට තම පෞද්ගලික ජීවිතය හා වෘත්තීය ජීවිතය ජයගැනීමට අවශ්‍ය අත්වැල සැපයීම අපගේ යුතුකමක් බව අපගේ විශ්වාසයයි.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී ඉෂානි සේනවීර මහත්මිය පැවසුවා ය.

විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ආරක්ෂා වන රැකියා පරිසරයක් පවත්වාගෙන යාම සඳහා අලියාන්ස් ලංකා සමාගම සෑම විටම ඇපකැප වී සිටී. කළමනාකරණයේදී ස්ත්‍රී පුරුෂ විවිධත්වය ආරක්ෂා විය යුතු බව සමාගම විශ්වාස කරන අතර, එම නිසා නායකත්ව තනතුරුවලට කාන්තාවන් පත්වීමේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා සමාගම මේ වනවිට පියවර රාශියක් ගෙන ඇත. ‘Women in Leadership Employee Resource Group’ යනු ඒ අතරින් එක් ප්‍රධාන පෙළේ වැඩසටහනකි.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

පිටපත -PR

Post Views: 4
Previous Post

හොඳම භාවිතය 2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගත් පීපල්ස් ලීසිං සමාගම සිය සම්මානය ජනපතිට පිළිගන්වයි

Next Post

Big match පෙළපාලියේ කැබ් රථයක් පෙරළි සිසුන් දෙනෙකු මරුට

editor

editor

Next Post

Big match පෙළපාලියේ කැබ් රථයක් පෙරළි සිසුන් දෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved