27 April 2024
#ව්‍යාපාර

හොඳම භාවිතය 2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගත් පීපල්ස් ලීසිං සමාගම සිය සම්මානය ජනපතිට පිළිගන්වයි

පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයිම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ පසුගිය දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති සම්මාන උළෙලේ දීය. එම සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිතර්නායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මසර්ලින් යන මහත්වරු විසින් සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *