27 April 2024
#දේශීය

Big match පෙළපාලියේ කැබ් රථයක් පෙරළි සිසුන් දෙනෙකු මරුට

බදුල්ල, වින්සන් ඩයස් ක්‍රීඩාංගනයේදී අද (01) දහවල් කාලයේදී පැවැති පාසල් ක්‍රිකට් තරඟයට සමගාමීව ළමුන් විසින් සංවිධානය කළ රථ පෙළපාලියක ගමන් කල කැබ් රථයක් පෙරළි සිසුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අනතුරට පත් වු කැබ් රථය පෙළපාලියක් අවසානයේ ගමන් කර ඇති අතර එය බදුල්ල නගරයේ පිහිටි නගර සභාවට අයත් හිස් ඉඩමක වට කරකවමින් ධාවනය කරමින් තිබියදි ඉඩම මධ්‍යයේ පිහිටි කොන්ක්‍රීට් කණුවක ගැටී පෙරළිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කැබ් රථයේ ගමන් කල පාසල් ළමුන් 08 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී ළමුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පැවසිය. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *