• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා  -ජනපති 

3 March 2024
in දේශීය, පුවත්
ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා  -ජනපති 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට ඊයේ (02) සහභාගී වූ අවස්ථාවේ දීය .
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ  වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම  නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.
ජනාධිපතිවරයාගේ පැමිණීමත්  සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළහ. එම  ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා  ඒ අවස්ථාවේදීම  අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
ප්‍රදේශයේ  ගොවි ජනතාව  මුහුණ දී සිටින  ප්‍රධාන ගැටළු ලෙස කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය ලබා ගැනීම සඳහා ඇල මාර්ගයක් සහ වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් අලි වැටක් ඉදි කර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය ලබා ගැනීමට වෙන්ඩ්‍රාසන් වැවේ සිට පුලියුතුකුලම් වැව දක්වා වන වැව් නවයම පෝෂණය වන පරිදි ඇල මාර්ගයක් ඉදි කිරීමට  අවශ්‍ය මූලික අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව කෘෂි කර්මාන්තයේ අවශ්‍යතාව මත පදනම්ව එය ඉදි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවයි.
එසේම අලි වැට ඉදිකිරීම් කටයුතු ආරම්භ වන තුරු, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 94 ප්‍රදේශයේ සිට පාලම් පටාර් දක්වා කඩිනමින් වීථි ලාම්පු ස්ථාපිත කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට අමතරව ගොවි පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීම, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට ඉඩම් ලබා දීම සහ කිරි ගොවීන් සඳහා තෘණ භූමියකට ප්‍රමාණවත් භූමි භාගයක් වෙන් කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම ඉල්ලීම්  සඳහා කඩිනමින් සාධනීය විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නල මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක් ද තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මඟින්  මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය , සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට අප කටයුතු කරනවා. අප අද මෙහි පැමිණියේද ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමටයි. ඒ සම්බන්ධ‍ව ඔබ මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. ඊට අදාළ වාර්තා ලබා දෙන ලෙස මම ආණඩුකාරවරයාට සහ ඔබ ප්‍රදේශයේ  මන්ත්‍රීවරයාට උපදෙස්  ලබා දුන්නා. මෙම  සංවර්ධන වැඩ කටයුතු  2025 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. එහිදී ඉතා තරකාරී කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට අවශ්‍යයයි. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම සඳහා ගොවි ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම බෝග වගාවන් සහ අස්වනු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගොවි ජන සේවා මධ්‍යස්ථාන,  කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කර රජය සහ පුද්ගලික අංශද සහභාගී කර ‍ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැනට අත්හදා බැලීම් ලෙස සෑම දිස්ත්‍රික්කයකින්ම එක් ගොවි ජන සේවා මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන  25 ක්  තෝරා ගෙන තිබෙනවා.ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ආධාර ලැබෙනවා. ඉන්දියාව තාක්ෂණ සහාය ලබා දී තිබෙනවා. 
වත්මන් තරුණ පරපුර උනන්දු වන්නේ  ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ වෙතයි. අක්කර දෙකක් දුන් පමණින් ඔවුන් කෘෂි කර්මාන්තයට යොමු වෙන්නේ නැහැ. එබැවින් නව තාක්ෂණය රැගත් ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ සමඟ  ඔවුන් වෙත යොමු විය යුතුයි. පැරණි රජ සමයේ මෙන් මෙරට බෝග අපනයනය කරන මට්ටමට අප පැමිණිය යුතුයි. නිදහස ලැබීමෙන් පසුව අපනයනය කෙරෙහි අප ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැහැ. දැන් අප එය ආරම්භ කළ යුතුයි. අප මෙරට දියත් කරන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා. මීළඟ මාස කිහිපයේදී ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මිරිදිය මත්ස්‍ය සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීමේ ‘උරුමය’ වැඩසටහනද  අප ආරම්භ කර තිබෙනවා. එය කොටස් තුනක් යටතේ ක්‍රියාවට නැ‍ඟෙනවා. ඒ අනුව  මෙම  වසරේදී ආරවුල් නැති, මැනුම් කටයුතු සිදු කර ඇති ස්වර්ණ භූමි, ජයභූමි වැනි බලපත්‍රලාභීන්ට පළමුව  සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙනවා. ඒ අතර මැනුම් කටයුතු සිදු කිරීමට තිබෙන ඉඩම්වල මැනුම් කටයුතු ආරම්භ කරනවා. ඉඩම් සම්බන්ධව පවතින ආරවුල් විසඳීමටද කටයුතු සලස්වනවා. කෙසේ වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දිනකට ඔප්පු 500-1000 ක් ප්‍රමාණයක්වත් ලබා දීමට අප උපදෙස් දී තිබෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පූජ්‍ය අක්කරගම විමලජෝති හිමි, නැගෙනහිර පළාත්  ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස් රත්නායක,  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, නැගෙනහිර  පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් එස්.  පාර්තිපන්, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ.ශ්‍රීපති  යන මහත්ම මහත්මීන්, නැගෙනහිර පළාතේ රේඛීය ආයතන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන්, ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 16,235
Previous Post

මෙවර මහ කන්නයේ දී වී අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Next Post

පොත් බෑග් නිසා විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා – ඇමැති විජයදාස

editor ttvnews

editor ttvnews

Next Post
පොත් බෑග් නිසා විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා – ඇමැති විජයදාස

පොත් බෑග් නිසා විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා - ඇමැති විජයදාස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved