27 April 2024
#දේශීය

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙති.

එම හමුව අද (22) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණ.

වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහ දෙන සහාය ජනාධිපතිවරයා අගයනු ලැබීය.

භූගෝලීය සමීපතාව මත ලංකාව හා කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, ආයෝජන අවස්ථා, කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයා දූත මණ්ඩල ප්‍රධානීන් දැනුම්වත් කළේය.

ක්ෂේත්‍ර ගණනාවකින් අග්නිදිග ආසියානු කලාපයේ රටවලට මෙරටින් අපනයන කළ හැකි ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

මියන්මාර තානාපති හැන් තු (Han Thu), මැලේසියානු මහ කොමසාරිස් ටෑන් යැන්ග් තායි (Tan Yang Thai), වියට්නාම තානාපති හෝ තී තන්හ් ට්‍රක් (Ho Thi Thanh Truc), තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් (Poj Harnpol), ඉන්දුනීසියානු තානාපති දෙවි ගස්ටිනා ටොබින්ග් (Dewi Gustina Tobing) ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *