• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පනත කඩිනමින් සංශෝධනය කොට නෛතික ශක්තිමත් කරන්න – කෝප් කමිටුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දෙයි

15 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීමක් දරන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නෛතික බලය ශක්තිමත් කිරීම සදහා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම කඩිනම් කරන ලෙස පසුගියදා (11) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරියට දැනුම් දුන්නේය.

මේවන විට ඒ සදහා කටයුතු කරමින් පවතින බව අධිකාරියේ නිලධාරීහු පැවසූ අතර මෙම පනත සංශෝධන අතිශය කාලීන අවශ්‍යතාවක් බැවින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව වහාම ඒ සදහා කටයුතු කරන ලෙස වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි මහතා ඇතුළු නිලධාරීන්ට කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නේය.

එසේම නෛතික කටයුතුවලට සම්බන්ධ ආයතනයක් ලෙස එහි නීති කළමණාකරු ඇතුළු නෛතික අංශයේ කාර්යභාරය මීට වඩා පුළුල් විය යුතු බව පෙන්වා දුන් කමිටුව අභ්‍යන්තර ගැටලු පවතීනම් ඒවා විසදාගෙන ඒ සදහා වහාම මැදිහත්ව කටයුතු කරන ලෙස අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මියට උපදෙස් ලබා දුන්නේය.

2020 සැප්තැම්බර් මස ඊසානදිග මුහුදු තීරයේ අනතුරට පත්වූ MT New Diamond නෞකාවේ අනතුර සම්බන්ධයෙන් අයකරගතයුතු මුදල් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. පනතේ 26 සහ 38 වගන්ති යටතේ රු. මිලියන 12 ක මුදලක් ද අයකරගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. එහෙත් පනතේ 34 වගන්තිය යටතේ තක්සේරු කළ අගය රු මිලියන 3480 ක් වුවද එම මුදල මේ වන තෙක් ලැබී නොමැති බවත් රු. මිලියන 51.3 ක මුදලක් නැවේ ගින්න නිවීම සහ තෙල් විසිරීමට ප්‍රතිචාර දැක්වීම සදහා පමණක් ලැබී ඇති බවත් මෙහිදී මෙහිදී හෙළි විය.

මෙම රු මිලියන 3480 ක තක්සේරු අගය සිවිල් වගකීම යටතේ පරිසරයට වු හානිය යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂඥ කමිටුවක් හරහා ලබා ගත් ඇස්තමේන්තුවක් බවත් මේවන විට එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් ඉදිරියේදී සාකච්ඡා කොට ඒ සදහා කටයුතු කරන බවත් අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙමින් මෙම ප්‍රමාදයන් වළක්වා රටට ලැබිය යුතු මුදල් කඩිනමින් ලබා ගැනීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී අවධාරණය කළේය.

මෙම කටයුතුවලදී අධිකාරියේ නීති කළමනාකරුගේ මැදිහත්වීම මීට වඩා තිබිය යුතු බව කමිටුව පෙන්වා දුන්නේය. MT New Diamond නෞකාවේ අනතුර සම්බන්ධ ලිපිගොනුව නීති කළමනාකාරතුමියට දුන් පසු අස්ථානගත වූ බව මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පැවසූවාය. ඒ පිළිබදව නීති කළමණාකාරිණියගෙන් කමිටුව විමසූ විට එවැනි දෙයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන බවත් ඇයට මෙම රැස්වීම්වලට පවා සම්බන්ධ වීමට ලැබෙන අවස්ථා අවම බවත් පැවසුවාය. මෙවැනි අභ්‍යන්තර ගැටලු අධිකාරියේ ප්‍රගමනයට විශාල බාධාවක් බැවින් මේ පිළිබදව වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

2021 මැයි මාසයේ කොළඹ වරායට නුදුරින් සිදුවූ ‍ MV X-Press Pearl නෞකා අනතුරට අදාල වන්දි මුදල් අයකරගැනීම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. පනතේ සිවිල් වගකීම යටතේ තක්සේරු කරන වටිනාකම්වලට වඩා විශාල වශයෙන් අඩු මුදලක් ලැබීම පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. පනතේ සිවිල් වගකීම යටතේ ඇ.ඩො මිලියන 44 ක් ලබාගැනීමට තක්සේරුකර තිබුණද එම මුදලින් ඇ.ඩො මිලියන 6 කට ආසන්න මුදලක් පමණක් මේවනවිට ලැබීම ගැන කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර රටට ලැබිය යුතු වන්දි මුදල් උපරිම ලෙස ලබා ගැනීමට සාකච්ඡා මෙහෙයවියයුතු බව මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ. එසේම පිරිසිදු කිරීම් ඇතුළු කටයුතු සදහා වියදම් ලෙස රු මිලියන 823 ක වියදම් අතුරින් නවාතැන් පහසුකම් සදහා මිලියන 18 ක් වියදම් කිරීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය. මෙම වියදම් පිළිබද නිසි විගණනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය. එසේම මෙම අනතුරට අදාළව නෞකා සමාගමෙන් අයකරගත යුතු මුදල් නිශ්චිත කාලරාමුවක් තුළ කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය. එසේම අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කොට මෙහි ප්‍රගතිය මාස්පතා වාර්තාවක් මගින් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දෙන ලෙසත් කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

2012 වසරේ මුහුදුබත් වූ “Thermophile” නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වසර 10 ක් තිස්සේ ප්‍රමාද වීම පිළිබදව ද කමිටුවේ අවධානය යොමුවිය. අවශ්‍ය සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතිබව නිලධාරීහු ප්‍රකාශ කළහ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදය වළක්වා ගැනීම සදහා වහාම මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කොට කෝප් කමිටුව වෙත වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර හා වැල්ලවත්ත ස්ථානවලින් විශාල වශයෙන් සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබද සොයා බලා වාර්තාවක් මාස 3 ක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

අධිකාරියේ සාමාන්‍යාධිකාරී සහ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ යන තනතුරු ද්විත්වයක්ම වැඩබලන තනතුරු ලෙස පැවතීම පිළිබදව කෝප් සභාපතිවරයා විමසා සිටියේය. එය හිතකර තත්ත්වයක් නොවන බැවින් අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සිදුකොට බදවා ගැනීම් සිදු කරන ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

එසේම පරිපාලන සහ මූල්‍ය කළමනාකාරණය යන අංශ ද්විත්වයම එක් පුද්ගලයෙක් යටතේ පැවතීමත් ගැටලු සහගත බැවින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග එක්ව නැවත මෙම තනතුරු සියල්ල පිළිබද නිවැරදි සැලැස්මක් සකසන ලෙසත් සභාපතිවරයා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

2020 සහ 2021 වර්ෂ සදහා අධිකාරියේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 02 ක් බැගින් පවත්වා තිබීම පිළිබදව සිය අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව ඉදිරියේදී නිසි පරිදි මෙම රැස්වීම් පවත්වා පරිපාලන කටයුතු පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, නාලක ගොඩහේවා යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර,මධුර විතානගේ සහ එස් රාසමානික්කම් යන මහත්වරුද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

ඉරාන ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර හමුවක්

Next Post

මාතලේ කසළ අංගනයේ ගින්න නිවා දැමේ

editor

editor

Next Post

මාතලේ කසළ අංගනයේ ගින්න නිවා දැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved