27 April 2024
#දේශීය

මාතලේ කසළ අංගනයේ ගින්න නිවා දැමේ

මාතලේ මහ නගර සභාව මගින් අපද්‍රව්‍ය බැහැර කරන වාරියපොළ වත්ත කසළ අංගනයේ ඇතිවි තිබෙන ගින්න මැඩ පැවැත්විමට කටයුතු කර ඇති බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.

දින කිහිපයක් තිස්සේ කසළ අංගනයේ ගින්නක් ඇතිවි තිබෙන අතර කුණු කන්දෙන් දුම් පිටවිම නිසා ප්‍රදේශවාසිහු දැඩි අපහසුතාවයට පත්විම පිළිබදව ප්‍රදේශවාසින් සිදු කළ පැමිණිලි අනුව නියෝජ්‍ය නගරාධිපතිවරයා කසළ අංගනයට ගොස් පරික්ෂා කර අදාළ ක්‍රියාමාර්ග ගනු ලැබිය.

මේ පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ද අවධානය යොමුව ඇති අතර ඔහු නියෝජ්‍ය නගරාධිපතිවරයාට මේ පිළිබදව කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් දි ඇති අතර ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටගේ ගින්න නිවිම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *