27 April 2024
#දේශීය

විදෙස්ගතව මෙරටට පැමිණෙනන්ගේ නිරෝධායනය වෙනසක් කිරිමේ සූදානමක් – යුධ හමුදාපති

විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් තුළ දින 14 ක් සිදුකරන නිරෝධායනය ඉවත් කිරීමේ සම්බන්දයෙන් අවධානය යොමුව ඇති බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුධ හමුදාපතිවරයා කියා සිටියේ මේ වනවිට විදෙස් ගතව සිට පැමිණෙන සියලුදෙනා ගුවන් තොටුපලේදී පී සී ආර් පරික්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් සහ ඉන් පසු නිවෙස් තුළ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීම සිදුවන බවයි.

නමුත් එම තත්ත්වය ඉදිරි කාලයේදී වෙනස් කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

ඊට අදාල නිර්දේශ සම්බන්දයෙන් සාකච්ඡා සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *