27 April 2024
#දේශීය

කෑගල්ලේ පැණි බෙදා දීමේ ක්‍රමවේදය වැරදියි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී

කොරෝනා සම්බන්ධයෙන් දේශිය නිෂ්පාදනය කරනු ලබන පැණි බෙහෙත පිළිබඳ අවසන් නිගමයනට එන තෙක් වෛරසය වෙනුවෙන් ප්‍රතිකාර ලෙස නිර්දේශ කල නොහැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙරට නිෂ්පාදනය කරනු ලැබු අදාල පැණිය පසුගියදා බෙදා දීමේදී නිරෝධායන නීති අනුගමනය නොකිරීම හා එය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතිය නොමැතිව බෙදා දීම අනුමත කල නොහැකි ක්‍රියාවක් බවයි.

නමුත් මෙරට පැණිය සම්බන්ධයෙන් අවසන් නිගමයකට එලැඹෙන තෙක් එය කොරෝනා වෛරසයට නිසි ප්‍රතිකාරයක් බව තමාට කිව නොහැකි බව ඇය අවධානය කළේය.

මේ සම්බන්ධයෙන් සොයා බැලිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥයින් විසින් කමිටුවක් පත් කර ඇති බව ඇය කියා සිටියාය.

කොරෝනා වෛසරයට දේශිය හෝ විදේශිය මෙයට ප්‍රතිකාර සොයා ගැනීම වඩා වැදගත් බවද රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *