27 April 2024
#දේශීය

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ 11 පස්වරුවේ ක්‍රියාත්මක කර ඇත.

එහිදී කෝවිලන් ප්‍රදීපාගාරයට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කර, මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල අනවසර ධීවර කටයුතු සිදු කරන බව නිරික්‍ෂණය කළ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

එහිදි, මෙරට මුහුදු සීමාවට ඇතුළුව අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) ධීවර ආම්පන්න සමඟ කෝවිලන් ප්‍රදීපාගාරයට නුදුරු මුහුදේදී මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි

ඒ ඔවුන් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කල අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

 

තවද, මෙරට මත්ස්‍ය සම්පත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.

 

 

 

 

Poaching trawler in northern waters held by the Navy

Sri Lanka Navy conducted a special operation to chase away Indian trawlers poaching in northern waters of the island in the evening of 11th July 2022. Accordingly, the operation led to the seizure of an Indian trawler with 06 Indian fishermen poaching in Sri Lankan waters off the Kovilan Lighthouse.

The Navy deployed a Fast Attack Craft of the 4th Fast Attack Flotilla (4 FAF), attached to the Northern Naval Command to chase away a large number of Indian trawlers from Sri Lankan waters, after having spotted them poaching off the Kovilan Lighthouse, via the International Maritime Boundary Line (IMBL). In this operation, the Navy seized an Indian trawler with 06 Indian fishermen and their fishing gear, for poaching in the island’s waters.

The Indian trawler and the six (06) Indian fishermen held by the Navy were brought to the Kankasanthurai Port and they are to be handed over to the Fisheries Inspector of Jaffna, through the Sri Lanka Coast Guard for onward legal action.

Meanwhile, the Navy is determined to carry out regular operations to protect the country’s fishery resources and livelihood of the local fishing community.

Leave a comment

Your email address will not be published. Required fields are marked *