27 April 2024
#දේශීය

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා පසුගිය 27 දින රාත්‍රියේ තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනා (06) මේ වන විට තලෛමන්නාරම නාවික හමුදා භාරයේ සිටින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

එමෙන්ම, පසුගිය 22 වන දින නාවික හමුදාව මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙවැනිම මෙහෙයුමකින් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින්‍ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කරන ලදී.

තවද, මෙරට මුහුදු තීරයේ ආරක්ෂාව සහ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.

 

 

 

 

 

Navy seizes poaching trawler in Sri Lanka’s waters off Mannar

 

Sri Lanka Navy on the night of 27th August 2022 conducted a special operation to chase away Indian trawlers poaching in the island’s waters. The operation led to the seizure of an Indian trawler with 06 Indian fishermen, while poaching in Sri Lanka’s waters off Talaimannar, via the International Maritime Boundary Line (IMBL).

The Navy continues to carry out regular patrols in the island’s waters to prevent illegal fishing practices by foreign fishermen, with a view to curbing its impact on the local fishing community as well as the damage it causes to the marine environment of the country.

In this special operation mounted by the North Central Naval Command to chase away Indian trawlers poaching in Sri Lanka’s waters, via the IMBL, the apprehension was made by the Fast Attack Craft attached to the Northern Naval Command on 27th August. In this operation, the Navy seized an Indian poaching trawler remaining off Talaimannar, with 06 Indian fishermen and their fishing gears.

 

The Indian trawler and 06 Indian fishermen held by the Navy are in naval custody in Talaimannar as of now and they will be handed over to the Fisheries Inspector of Mannar for onward legal action.

 

In a similar operation conducted on 22nd August, the Navy held an Indian poaching trawler with 10 Indian fishers off Mannar and produced them for legal proceedings

 

Meanwhile, the Sri Lanka Navy continues to carry out regular operations to protect the country’s fishery resources and livelihood of the local fishing community.

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *