27 April 2024
#දේශීය

ස්ථිර පත්වීම් නොලැබූ පිරිසගේ ගැටළුව විසදනවා – අගමැති

උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී, විවිධ ගැටළු නිසා පත්වීම් නොලැබූ පිරිසගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකට එක්වෙමිනි.

විවිධ අඩුපාඩු නිසා 461 දෙනෙකුට පත්වීම් ලැබී නොමැති බවට, විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දැනටමත් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය ලේකම්වරයා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *