27 April 2024
#ක්‍රීඩා #පුවත්

රත්නපුරට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීකට් පිට්ටනියක්

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක් රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අතර එහි නිරීක්ෂණය සඳහා අද (27) දින රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා එක්විය.

මෙම ක්‍රීඩාංගනය විවෘත කිරීමත් සමග රත්නපුර , කෑගල්ල ඇතුළු ප්‍රදේශ ගනනාවක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙන්ම ක්‍රිකට් තරගාවලි සංවිධායකයින් සඳහා අවස්ථාව හිමිවීම සුවිශේෂී වේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ද, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වනිදු හසරංග ඇතුළු ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලී විශාල ජනතාවක් සහභාගීවීමට නියමිත ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *