27 April 2024
#දේශීය #පුවත්

කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ

කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී (CDF) ජෙනරල් Francis Omondi Ogolla විසින් සිදු කල ආරාධනයකට අනුව මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කෙන්යාවේ නිල සංචාරයක නිරත වු බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාධ්‍ය අංශය පවසයි.

කෙන්යාව වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එරට ආරක්‍ෂක අංශ ප්‍රධානී ජෙනරල් Ogolla සහ ගුවන් හමුදාපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළි ගනු ලැබූ අතර, එම අවස්ථාවේදී කෙන්යානු ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් විශේෂ සම්මාන මුරයක් විසින් පුර්ණ හමුදා ගෞරව පුද කරන ලැබීය.

මෙම පිළිගැනීම ඔස්සේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින අන්‍යොන්‍ය මිත්‍රත්වය සහ ගෞරවය විදහා දැක්වෙන අතර නිල සංචාරය මගින් දෙරටේ සහයෝගිතාවය සඳහා ශක්තිමත් පදනමක් සැකසෙන බව පිළිබිඹු කරයි.

උත්සවය අතරතුර, කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී විසින් එරට ආරක්‍ෂක අංශ උප ප්‍රධානී, ලුතිනන් ජෙනරල් Charles Kahariri මෙන්ම යුධ සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත හඳුන්වා දෙන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *