• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ පක්ෂය ගැන ඔබේ විශ්වාසය අබමල් රොනකවත් හානියක් නොවන බවට අනුරගෙන් සහතිකයක්

4 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය සතු එකම බලය මහජනතාවගේ බලය බවත් ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනක තරමින් වත් හානිවෙන්නට ඉඩ නොතබන බවට අපි ඔබට සහතික වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) කෝට්ටේ ආසන සමුළුව අමතමිනි.

එහිදී ජනතාව වෙත අදහස් පල කල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ” විවිධ අවස්ථාවල විවිධ රැස්වීම්වලට අපි සහභාගී වී තිබුණත් නිසියාකාරව කෝට්ටේ දකින්නේ අදයි. විවිධ දේශපාලන ව්‍යාපාරවල සක්‍රීයව වැඩ කළ, ඡන්දය දුන් බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. රටේ නව වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවකින් අප ගැන විශ්වාසය තබා මේ අවස්ථාවට සහභාගී විම පිළිබඳව ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනක තරමින් වත් හානිවෙන්නට ඉඩ නොතබන බවට අපි ඔබට සහතික වෙනවා. පාලකයාගේ බලාපොරොත්තු ජනතාවගේ බලාපොරොත්තු දෙකක් වශයෙන් තිබුණු ඉතිහාසයේ දී ජනතාවගේ විශ්වාසයන් දිගින් දිගටම බිඳ වැටුණා. නමුත් අපි අපේ රටේ පාලනයක් පිහිටුවන්නේ ජනතාවගේ විශ්වාසයන්, බලාපොරොත්තු සහ අරමුණු පාලකයාගේත් විශ්වාසයන් බලාපොරොත්තු සහ අරමුණු බවට පත්කර ගෙනයි. ඒ නිසා ඔබට අප කෙරෙහි විශ්වාසය තැබිය හැකියි. මේ රට පත්වී තිබෙන විනාශයෙන්, වංචාවෙන්, දූෂණයෙන් ගොඩගැනීමට, නීතියේ විධානයේ සාධාරණය රැකීමට අපි සියලු දෙනාම එකම අරමුණකින් ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් අපේ ජීවිතයේ වැඩිකොටසක් කැපකරමින් මේ දක්වා ක්‍රියාකළ ඔබට තිබෙන පොදු අරමුණුවලට වඩා අපේ පොදු අරමුණු කිසිදු වෙනසක් නැති බව ඔප්පු කොට තිබෙනවා. ජනතාවට අයත් එකදු සතයක් වත් පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ අපේක්ෂාවක් මේ වේදිකාවේ සිටින කිසිවෙකුටවත් නැහැ.

කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු සියලු නිෂ්පාදන ක්ෂේත්‍ර කඩාවැටී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ, විශ්වවිද්‍යාලවල, ඇතැම් දෙපාර්තමේන්තුවල, පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට අදාළ වෘත්තිකයන්ගේ බරපතළ හිඟයක් තිබෙනවා. ආණ්ඩුව කියන ආකාරයට ආර්ථිකය වර්ධනය වෙනවා නම්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිවෙන්න ඕනෑ. නමුත් මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ 11.5%යි. නමුත් ගෑස්, විදුලිය, තෙල් නැතිව තිබියදීත් 2022 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය වී තිබුණේ ඍණ 0.5%යි. රනිල්ගේ ආර්ථික සැලසුම් නිසා ආර්ථික වර්ධන වේගය ඍණ 11.5%ක් දක්වා විශාල වශයෙන් බිඳ වැටී තිබෙනවා. ආසියාවේ කිසිදු රටක මෑත කාලයේ මෙවැනි ආර්ථික කඩා වැටීමක් සිදුවී නැහැ. මුළු ආර්ථිකයේ කඩා වැටීම 11.5%ක් වෙනකොට කර්මාන්ත අංශයේ කඩා වැටීම 23%යි. සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සියල්ල කඩා වැටෙමින් පවතිනවා. නමුත් රනිල් ඇතුළු ආණ්ඩුව කියන්නේ ආර්ථිකය ගොඩගනිමින් පවතිනවා කියලා. මේ වසරේ වැට් බද්දෙන් රුපියල් බිලියන 912ක ආදායමක් අයවැයෙන් ඉලක්ක කළා. නමුත් පළමු මාස හය තුළ ලැබී තිබෙන්නේ බිලියන 230යි. මේ අවුරුද්දේ අපේක්ෂා කළ වැට් ආදායමේ 50%ක් වත් ලබාගත නොහැකියි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ එකතු කළ අගය මත පනවන බද්ද තමයි වැට් කියලා හඳුන්වන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ නැතිනම්, ආදායමක් එන්නේ නැහැ. අලුතින් රැකියා ඇති වෙන්නේත් නැහැ. රැකියා ඇතිවෙන්නේ නැත්නම්, ජනතාව අතර මුදල් ගැවසෙන්නේත් නැහැ. එහෙම නම් ජනතාවට භාණ්ඩ මිලදී ගන්නත් බැහැ. ඒ නිසා ඉල්ලුම අඩුවෙනවා. ඉල්ලුම අඩුවෙන නිසා, උද්ධමනය අඩුවෙනවා. දැන් සිදුවී තිබෙන්නේ ඒකයි.

රැකියා කරන ආයතනවල පවා අතිකාල කපලා, මූලික වැටුපට පමණක් සීමාකර තිබෙනවා. ඒ නිසා මුදල් ගලාගෙන ඒම අඩුවෙන කොට ඉන්ධන ඉල්ලුමක් අඩු වෙනවා. ඒ නිසා ූඍ අයින් කරන්න වෙනවා. නමුත් ආණ්ඩුව ප්‍රචාරය කරන්නේ “රනිල් ූඍ එක අයින් කරන ලද පියා” කියලයි. ආනයන භාණ්ඩවලට තිබෙන ඉල්ලුම අඩුවෙන කොට. ඒ වෙනුවෙන් යෙදවෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. ඩොලර්වලට තිබෙන ඉල්ලුම අඩුවෙන කොට ඩොලර් එක රුපියල් 320ට විතර නතර වී තිබෙනවා. නමුත් ආර්ථිකයක් වර්ධනය වෙනවා කියන්නේ මිනිසුන් තමන්ගේ අවශ්‍යතාවලට භාණ්ඩ හා සේවා මිලදී ගන්නා අතරම උද්ධමනය අඩුවීමත්, ඩොලරයේ අනුපාතය ස්ථාවර වීමත් සිදුවිමයි. ආර්ථිකය ඇතුලේ ගෙනයන බොරුව වහන්න බැරි තව පැත්තක් තිබෙනවා. මේ අවුරුද්දේ පළමු කාර්තුව තුළ රජයට ලැබුණු ආදායමට වඩා රුපියල් බිලියන 824ක් වියදම් කර තිබෙනවා. දවසකට ආසන්න වශයෙන් කෝටි 900ක හිඟයක් තිබෙනවා. ආසන්න වශයෙන් දවසකට භාණ්ඩාගාරයට ලැබෙන්නේ රුපියල් කෝටි 600යි. නමුත් ණය ගන්නවා කෝටි 900ක්. මෙහෙම ආර්ථිකයක් හොඳයිද? වියදම් සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයට ගලාගෙන එන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන්න ඕනෑ.

අපිට අපේ රටේ කළ හැකි නිෂ්පාදනයන්වලට වේගවත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම මස් සහ බිත්තර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නය අවුරුද්දක් තුළ විසඳිය හැකියි. අවශ්‍ය පැටවුන් ආහාර සහ ඖෂධ ඒ නිෂ්පාදකයන්ට ලබාදිම පමණයි කළ යුතු වන්නේ. අවශ්‍ය තාක්ෂණය, කුකුල් කූඩු ඇතුළු සියලුම දේවල් අපේ රටේ තිබුණා. මේ නිෂ්පාදනය යළි නඟා සිටුවීමෙන් ඩොලර් වැය වීම නතර කළ හැකියි. අපේ වී නිෂ්පාදනය වැඩිකර, සහල් වෙනුවෙන් වැය වන ඩොලර් ප්‍රමාණය නතර කළ හැකියි. රට තුළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගත හැකියි. නිෂ්පාදනය තුළින් අපේ ඩොලර් වියදම් වීම අවම කර ගන්නවා වගේම ඩොලර් ඉපයීමත් වැඩි කර ගන්නා ක්‍රියාමාර්ගත් අපේ ආර්ථික සැලසුමට අයත් වෙනවා. අප්‍රිකානු කලාපය ඉලක්ක කර ගත් අපනයන වෙනුවෙන් විශේෂ අවධානයක් අපි යොමු කර තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය රුපියල් සහ රටට අවශ්‍ය ඩොලර් සම්පාදනය කර ගැනීම ආර්ථිකය ගොඩනැගීමේ මූලික පදනම කර ගන්නවා.

ඒ වගේම අද වන විට මෝචරියට ගියත්, තමන් දන්නා හඳුනන කෙනෙකුගේ උදව් ලබාගත යුතු වී තිබෙනවා. මේ රාජ්‍ය සේවය වෙනුවට ඉතාමත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාගන්න අපි රාජ්‍ය සේවයට තාක්ෂණය ගේනවා. නඩු ගොඩගැසීම විසඳන්නත් කටයුතු කළ යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත් අපේ මූලිකම වැඩපිළිවෙළක්. ජාතික ජන බලවේගයේ යම් කිසිවෙකු අතින් වරදක් සිදුවුව හොත් ඔහුගේ තනතුර හෝ වෙනත් කිසිදු සාධකයක් නොබලා නීතිය හමුවට ගෙන එන සංස්කෘතියක් අපි ගොඩනඟනවා. අද වෙනකොට බලවතුන්ට එක් ආකාරයකින් සහ සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකින් ක්‍රියාත්මක වන නීතිය සියලු දෙනාටම සාධාරණ ආකාරයට ප්‍රතිසංවිධානය කරනවා. මේ වෙනවිට පාලකයාට සුපුරුදු පරිදි පාලනය ගෙනයාමටත් ජනතාවට සාමාන්‍ය පරිදි ජීවත් වීමටත් නොහැකි තරමට අර්බුද තීව්‍ර වී තිබෙනවා. පාලකයන්ට සුපුරුදු පරිදි හම්බ කිරීම නම් තවමත් කරගෙන යනවා. ජනතාවට ජීවත් වීමට වත් ආර්ථිකයක් ලැබෙන්නේ නැහැ. මේ නිසා තමන්ට එරෙහිව නැගී සිටින ජනතාව බෙදීමට කළ හැකි හැමදෙයක්ම මේ පාලකයන් කරනවා. සුද්දා අනුගමනය කළෙත් මේ බෙදීමමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ වශයෙන් බෙදා තිබුණා. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ව්‍යවස්ථාව සභාවට නියෝජිතයන් පත් කළේ ඒ බෙදීම අනුවයි. ඒ විතරක් නොවෙයි, 1848දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නැගී සිටි ප්‍රධාන නායකයන් වන ගොංගාලේගොඩ බණ්ඩා සහ වීර පුරන්අප්පු යන දෙදෙනා මුල්කරගෙනත්, උඩරට පහත රට භේදය මුල්කරගෙන බෙදීම් ඇති කළා. හඟුරන්කෙත ඩිංගි රාළටත් ඔටුනු පළඳන තැනට මේ බෙදීම් වෙනත් ආකාරයකින් ගෙන ගියා. ඒ වගේම 1912 දී ඇති වුණු විශාල දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් සොයා බලන්න එංගලන්තයෙන් කණ්ඩායමක් ගෙන්වූවා. ඒ වෙනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සිංහල අයගේ අනුපාතය වැඩියෙන් තිබුණා. ඉංග්‍රීසීන් සිදුකළේ සිංහල අය අඩුකර, අනෙකුත් ජාතිකත්වයන් වැඩිකිරීමයි. ඔවුන් හැමදාමත් ජනතාව බෙදා පාලනය කළේ ඒ ආකාරයටයි.

මේ බෙදීම් නිසාම ලංකාවේ ශක්තිමත් ජාතික විමුක්ති අරගලයක් ඇති වුණේ නැහැ. ඉන්දියාවේ නේරු, පාතේල්, හැමෝම එකට එකතු වෙනකොට ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් අය වෙන වෙනම ඉල්ලීම් ඉදිරිපත් කළා. සිංහල පහත රට අය වෙනමත් ඉල්ලීම් ඉදිරිපත් කළා. සුද්දාගෙන් පස්සේ බලය ගත් කණ්ඩායමත් ආකාර කිහිපයකට බෙදීම් සිදුකළා. පක්ෂ ලෙස, කුල ලෙස, ජාතීන් ලෙස, බෙදීම සිදුකළා. මේ නිසා හොරකම් ගැන අවධානය යොමු කරනවා වෙනුවට රට ජාතික අනතුරෙන් බේරා ගන්න කල්පනා කරන අය, බිහිකළා. විශේෂයෙන්ම 2019 ඡන්දයට සිංහල, මුස්ලිම්, ගැටුමක් ඇති කළා. සිංහල ජනයාට විරුද්ධව, මුස්ලිම් ජනයාත් මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල ජනතාවත් කුපිත කරවන ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. 2015 පලවා හැරි නඩය ඊටත් වඩා වැඩි ශක්තියකින් ‘දවුල් බෙර’ ගසා පාලනයට වැඩැම්මුවේ ජාතිය බේරා ගන්න. දැන් ලංකා ඉතිහාසයේ ඒ බෙදීම් සියල්ල අවසන් කළ බෙදීමක් ඇති වී තිබෙනවා. රනිල්ලා, මහින්දලා සියල්ලන්ම දැමූ එකට එකතු වී ජාතික ජන බලවේගයට එරෙහි පිලේ සිටිනවා. මෙතෙක් රට පාලනය කළ දූෂිත විනාශකාරී ප්‍රභූ පෙළැන්තියට විරුද්ධව පොදු ජනතාවගේ ව්‍යාපාරයක් බිහි වී තිබෙනවා. එයට එරෙහිව මඩ, අවලාද ඇති තරම් පොම්ප කරමින් තිබෙනවා. මේ මඩ ව්‍යාපාර සතියක් වත් අල්ලාගෙන සිටින්නට බැරි අසාර්ථක ඒවා බව ඉක්මනින්ම ඔප්පු වී තිබෙනවා.

මේ නිසා තවත් ප්‍රචාර දියත් කරමින් මාලිමාවේ ආණ්ඩුවක යටතේ නිවාස දෙකක් තිබෙන අයගෙන් එකක් ගන්නා බවත්, වාහන දෙකක් තිබෙන අයගෙන් එකක් ගන්නා බවත් ඉඩම් දෙකක් තිබුණොත් එකක් ගන්නා බවත් කියමින් යනවා. නමුත් අපි උත්සාහ කරන්නේ කඩා වැටුණු ආර්ථිකයත්, නීතියක් විනයක් නැති රටත්, අපරාධ වැඩිවී තිබෙන රටත්, ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කර තිබෙන රටත් මේ තත්වයෙන් මුදා ගැනීමටයි. පුහුණුවීම් සඳහා විදේශ ගතවන පොලිස් නිලධාරීන් පවා පැනයන මට්ටමට, රට නියෝජනය කරමින් ක්‍රීඩාවලට සහභාගී වන අය පැන යන මට්ටමට පත්කර තිබෙන රට ලෝකයේ කීර්තිමත් රටක් බවට පත්කිරීම අපේ අපේක්ෂාවයි. සිංහල, දෙමළ, මුස්ලිම් සමගියෙන් පිරි නීතියක් තිබෙන ආදර්ශමත් රටක් බවට ගොඩනඟන්න ඕනෑ. අම්මලා,තාත්තලා, ආච්චිලා, සීයලා එකට ජීවත් වෙන සංස්කෘතියකින් බැඳුණු අපේ රට දාලා යන මට්ටමට වට්ටා තිබෙන රට ගොඩනැගීම අපේ ආර්ථික සැලැස්මයි. නමුත් ඔවුන් ප්‍රචාරය කරන්නේ ගෙවල් ගන්න, වාහන ගන්න, ඉඩම් ගන්න අපි ක්‍රියාකරන බවයි. ඔවුන්ගේ අතේ තිබෙන ධනය බලය, මාධ්‍යය, යන සියල්ලම අපට එරෙහි බොරු ප්‍රචාරය වෙනුවෙන් යොදවනවා. එළඹෙන ජාතික මැතිවරණය ලංකා ඉතිහාසයේ වැඩිම සල්ලි පොම්ප කරන මැතිවරණය බවට පත්වෙනවා. මාධ්‍යය වැඩියෙන්ම අවභාවිතා කරන, ලංකාවේ වැඩිම රාජ්‍ය බලය යොදාගන්නා මැතිවරණය බවටත් ඒ මැතිවරණය පත්වෙනවා. මේ අහිමි වෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික දේශපාලනය පමණක් නොවෙයි. තමන්ගේ පරම්පරාවල ඉදිරි දේශපාලනයත්, ඔවුන් වටා ඉන්නා කුප්‍රකට ජාවාරම්කරුවන්ගේ ජාවාරම් සියල්ලත් අහිමි වෙනවා. මේ සියල්ලට වඩා ජනතාවගේ බලය ප්‍රබලයි. 2015 දී මහින්ද රාජපක්ෂ බලය අත්හැර ගියේ ජනතාවගේ බලය ප්‍රබල නිසයි. ගෝඨාභය රාජපක්ෂ පලවා හැරියේ ජනතාවගේ ඒ බලය නිසයි. ජාතික ජන බලවේගයට තිබෙන එකම බලයත් මහජනතාවගේ ඒ බලයයි. ඒ බලය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමට සියලුම දෙනා ඒකරාශී වෙන ලෙස ඉල්ලා සිටිනවා යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

උතුරු මැද පළාතේ සංවර්ධනයට ඕස්ට්‍රේලියානු රජයෙන් සහාය

Next Post

සණස ඉන්ෂුවරන්ස් සම්මාන උළෙල අභිමානවත් ලෙස පැවැත්වේ

editor

editor

Next Post

සණස ඉන්ෂුවරන්ස් සම්මාන උළෙල අභිමානවත් ලෙස පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved