27 April 2024
#සංවර්ධන

උතුරු මැද පළාතේ සංවර්ධනයට ඕස්ට්‍රේලියානු රජයෙන් සහාය

සංවර්ධන ව්‍යාපෘති ගණනාක් හරහා උතුරු මැද පළාතේ සංවර්ධනය සදහා ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රමුඛත්වය ලබා දෙන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ උතුරු පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සමග අනුරාධපුරයේ දී පැවති සාච්ඡාවක දීය.

උතුරු-මැද පළාතේ, පොළොන්නරුව සහ අනුරාධපු දිස්ත්‍රීක්කවල වෙසෙන අඩු ආදායම් ලාභී ‍කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා තිරසාර රැකියා උත්පාදනය කර ආර්ථික අවස්ථා පුළුල් කිරීම, ආදායම් සහ ව්‍යාපර වර්ධනය වැඩි කිරීමට සහාය වීම, වෙළඳපල සංවර්ධන පහසුකම් යටතේ සංචාරක ව්‍යාපාරය සහ ඒ ආශ්‍රිත අංශවල තිරසාර වර්ධනය යෝධ මිරිදිය ඉස්සන් වගා කිරීම තුළින් මිරිදිය ධීවරයින්ගේ ආදායම වැඩි කිරීම සඳහා මාළු ඇල්ලීම වැඩිදියුණු කිරීම සාකච්ඡා කෙරුණු අතර, ඕස්ට්‍රේලියානු රාජ්‍ය නොවන සංවිධාන සහයෝගිතා වැඩසටහන (ANCP), දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරීම සදහා අවුරුදු 05ට අඩු දරුවන් සදහා ප්‍රශස්ත ආහාර වේලක් ලබා දීම සදහා වූ ප්‍රෙව්ශය වැඩි දියුණු කිරීම ද ආදායම් ලබා ගැනීම සදහා විගණන ක්‍රියාත්මක කිරීම සහ බදු එකතු කිරීම වැඩිදියුණු කිරීමේ හරහා පළාත් පාලන ආයතනයන් හී ආදායම් මූලාශ්‍ර වැඩිදියුණු කිරීම සඳහා අනුරාධපුර මහ නගර සභාව සමඟ එක්ව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම ඇතුළු රාජ්‍ය සේවා වැඩිදියුණු කිරීම් සඳහා සහාය වීම, පොළොන්නරුවේ මහ රෝහල්වල නව ඔක්සිජන් බලාගාරයක් පිහිටුවීමට කටයුතු කිරීම ද වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ගැබිණි කාන්තාවන් සහ අවුරුදු පහට අඩු ළමුන් අතර ඉහළ යන මන්දපෝෂණ මට්ටම් වලක්වා ලීම සදහා මුදල් ආධාර සහ පෝෂණ උපදෙස් ලබා දීම. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා මුදල් ආධාර, නිවාස සඳහා මුල්‍ය ආධාර සහ වෛද්‍ය ආධාර සැපයීම වැනි දීර්ඝ කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයාගේ භාර්යාව ක්‍රිස්ටිනා ස්ටීවන්ස්, ආචාර්ය පෝල් සෙකෝලා (පළමු ලේකම් දේශපාලන හා ආර්ථික විද්‍යා), රාමනාදන් සිවසුතන් මහතා (ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී) සහ කත්‍යා සෙනෙවිරත්න මෙනවිය (රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික නිලධාරි) යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

තිසර – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *