ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (05) පෙරවරුවේ සිදුවිය.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම ඉන්දීය සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරුන් ද සහභාගි වූහ.