27 April 2024
#දේශීය #පුවත්

චීනයේ නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි, කථානායක මහින්ද යාපා හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි (Zhu Yanwei) මහතා පසුගිය 02 වනදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්ම  මහත්මීන් එක්ව සිටියහ. එසේම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාරයාලයේ දේශපාලන අංශයේ ප්‍රධානී ක්වින් ලිගොන්ග් (Qin Ligong)  මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
මෙහිදී පෙබරවාරි 10 වැනිදාට යෙදී ඇති සාම්ප්‍රදායානුකූල චීන නව අවුරුදු දිනය නිමිතිකොට ගෙන ඒ පිළිබඳ කථානායකවරයා සමග සුහදව සාකච්ඡා කළ අතර සහ චීන ජාතිකයින් වාසනාවේ සංකේතයක් ලෙස සලකන මකර අනුරුවක් කථානායකවරයාට පිළිගැන්වීම ද සිදු විය.
එසේම මෙහිදී අදහස් දක්වමින් සූ යන්වෙයි (Zhu Yanwei) මහතා සඳහන් කළේ මෙම වසරේදීද දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එසේම 2024 වර්ෂය ලොකයේ සෑම රටකටම පාහේ අභියොගාත්මක වසරක් වන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම පෙබරවාරි 04 වැනිදාට යෙදුන ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සුභපැතුම් එක් කිරීමද නියෝජ්‍ය තානාපතිවරයා විසින් සිදු කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *