27 April 2024
#දේශීය #පුවත්

නිදහස් උත්සවයත් රටේ ජනතාවට තහනම් නම් එහි නිදහස කෝ – විපක්ෂ නායක සජිත්

76 වැනි නිදහස සැමරීම විහිලුවක් බවත් නිදහස් දින ජාතික උත්සවයට රටේ පොදු ජනතාවට සහභාගී වීමට නොහැකි ලෙස අවහිර කර තහනම් කර ඇති නම් එහි නිදහසක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (05) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අනුරාධපුර නොච්චියාගම විද්‍යාර්ථ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාර්ගගත සුරක්ෂිතභාවය කියා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ, දේශපාලනය කිරීමේ, අදහසක් දැරීමේ අයිතිය වාරණය කර ඇති බවත් එය නිදහස නොවන බවත් බංකොලොත් ලංකාව තුළ මේ මොහොතේ පවා හොරකම් සිදුවන බවත් ඖෂධ රැසකින් ඇමතිවරුන්, බලධාරීන් හොරා කා බාල බෙහෙත් ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් උත්සවයට වියදම් කළ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් පාසල් දියුණු කරන්න යෙදවීමට හැකියාව තිබුනත් රජය එවැනි දෙයක් සිදු නොකළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජීවත් වීමේ අයිතිය සුරකින බවත් ඒ සදහා ගත හැකි දැවැන්ත එඩිතර පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *