• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් අපිව හිරකරනවා අනුර කියයි

29 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනගන අනුරාධපුර දිස්ත්‍රික් මිහින්තලය ආසන සමුළුව අමතමින්ය.මෙම සමුළුව තිරප්පනය නගරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, ” මේ ජූනි 09 වැනිදාට පළාත් පාලන මැතිවරණය නොපවත්වා මාස 03 ක් ගත වෙනවා.ජූනි 09 වැනිදා අපි දාපු නඩුවක් අධිකරණයේ විභාග වෙන්නත් නියමිතයි.ජූනි 08 වැනිදා අපි මැතිවරණ කොමිසම ඉස්සරහට යන්න ලෑස්ති වෙලා ඉන්නවා.ඊට පස්සේ රට පුරා ජූනි මාසයේ අපි මේ ඡන්ද කල් දැමීමට විරුද්ධව ජනතාව පෙළගස්වනවා.රනිල් වික්‍රමසිංහ හිතනවා නම් එයාට යටත් වෙලා දේශපාලනය කරන්න, ඒවා අනෙක් අයට වලංගු ඇති, එයා හිතනවා එයා ඡන්ද තියන්නේ නෑ කියලා කිව්වමට එයාට අපි යටත් වෙලා ඉන්න ඔ්න කියලා.එහෙම යටත් වෙලා ඉන්න අපි සූදානම් නෑ, කවුරු සූදානම් වුණත්, රනිල් වික්‍රමසිංහගේ අනීතික, ප්‍රජාත්‍රන්ත විරෝධී මේ ඡන්ද කල්දැමීමට විරුද්ධව අපි පාරේ සටන ආරම්භ කරන්න ලෑස්තියි. රනිල් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා.පාර්ලිමේන්තුවේ 134 ක් තිබ්බා දැන් ඒක 120 ට විතර බැහැලා.හැබැයි ජනතාවගේ බලය තියෙන්නේ ජාතික ජන බලවේගයත් එක්ක.එයා දැන් කියනවා පළාත් පාලන ඡන්දය නෙමෙයි ජනාධිපති මැතිවරණය තියනවා කියලා.රනිල්ට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙලා 2010, එක්සත් ජාතික පක්ෂය ටිකක් ශක්තිමත් කියන කාළයෙත් රනිල් ජනාධිපතිකමට ඉල්ලුවේ නෑ, 2015 දී එක්සත් ජාතික පක්ෂය ඊටත් වඩා ශක්තිමත් රනිල් ඉල්ලුවේ නෑ, පොලොන්නරුවේ මෑන් දැම්මා.2019 දී සජිත් දැම්මා. ජනාධිපති ඡන්ද 03 කට ඉල්ලපු නැති හාදයා, පක්ෂය එකට තියෙන කොට පක්ෂය ශක්තිමත්ව තියෙන කොට, පක්ෂය බෙදිලා පාර්ලිමේන්තුවටවත් එන්න බැරිව හිටිය හාදයා තියනවාද ඡන්දේ.එයා කියනවා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනත් නොවැම්බර් මාසේ ඡන්දය තියනවාලු.යන්නේ නෑ. මේ සැරේ රනිල්ව දිනවනවා කියන අය ඉන්නවාද ගම්වල , නෑ ගම්වල ඉන්නේ එන මොන ඡන්‌දේ ආවත් එළවන්න බලාගෙන ඉන්නේ.රනිල් හිතනවා දිනවන්න බලාගෙන ඉන්නවා කියලා. ව්‍යවස්ථාව අනුව ලබන අවුරුද්දේ නොවැම්බර් 17 ට මාසයකට කලින් ජනාධිපතිවරණය තියන්න ඔ්න, ඒ අනුව ඔක්තොම්බර් මාසයේ මුල් සතිය තුළ ඡන්දය තියන්න ඔ්න.ඒ කියන්නේ කොච්චර ඇද්දත් උපරිම රනිල්ට අදින්න වෙන්නේ මාස 14 ක් විතර, කන්න දෙකයි.හැබැයි අපි සූදානම් ඊටත් කලින් මැතිවරණයක් ලබා ගන්න.මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරනවා.හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය.
අද අනෙක් දේශපාලන කඳවුරු වලට මොකද වෙලා තියෙන්නේ පොහොට්ටුව දැන් දේශපාලන කඳවුරක්ද, පොහොට්ටුව වැනි දේශපාලන ව්‍යාපාර පවතින්නේ ප්‍රථිපත්ති මත, සංවිධාන මත නෙමෙයි පවතින්නේ.ඒ පොහොට්ටුව වැනි දේශපාන ව්‍යාපාර හදනවා අනුහස් සහිත නායකයෙක් එක්ක, ශ්‍රී ලංකා එක පොදු පෙරමුණ කාලේ සිරිමාවෝ බණ්ඩාරනායකත් එක්ක ගැටගහලා තිබුණා, ඊළඟට චන්ද්‍රිකා එක්ක ගැටගැහුවා, 2005 දී ඒ මුලු පක්ෂයම මහින්ද රාජපක්ෂත් එක්ක.ඔය පක්ෂ යාන්ත්‍රණය, සංවිධාන යාන්ත්‍රණය නෙමෙයි තියෙන්නේ, ප්‍රථිපත්ති නෙමෙයි තියෙන්නේ, ඒ ගොල්ල මුළු ව්‍යාපාරයම හදන්නේ නායකයෙක් ඒක්ක.පොහොට්ටුවේ දැන් නායකයා කවුද? දැනුත් බැරි බැරි ගාතේ නගින්නෙ මහින්ද.ඒක දකින ජනතාවට හිතෙන්නේ “ඇති වෙලා නෑ තාම” කියලා.එයාගේ නායකත්වය පිළිගන්න කැමති නෑ.පහුගිය මැයි දිනයේ උත්සහ කළා බැසිල් රාජපක්ෂ නායකයා වෙන්න.හැබැයි පක්ෂය ඇතුලෙවත් එකඟතාවක් ඇති වුණේ නෑ.බැසිල් රාජපක්ෂ අනුහස් සහිත නායකයෙක් කියලා ගම්වල හැදෙන්නේ නෑ, පට්ට හොරෙක් කියලා ජනතාවට මතක් වෙන්නේ.ඒ කියන්නේ පොහොට්ටුවට දැන් නායකයෙක් නෑ, ඒ නිසා පොහොට්ටුව කියලා දේශපාලන ව්‍යාපාරයක් නෑ.පොහොට්ටුව කියන කඳවුර දියවෙලා අවසන් වෙනවා.
ආණ්ඩු බලය හොබවන කණ්ඩායම දුර්වල වෙන කොට විපක්ෂය උඩට එනවා ඔටෝ.ආණ්ඩුව වැටෙනකොට, විපක්ෂයට නිකම්ම ඔටුන්න වැටෙනවා.මහින්ද වැටෙන කොට, රනිල්ගේ ඔලුවට වැටෙනවා, ජේ.ආර් වැටෙනකොට චන්ද්‍රිකාගේ ඔලුවට වැටෙනවා.මේ සැරේ මහින්ද වැටෙනකොට සජිත්ගේ ඔලුවට වැටෙන්න ඔ්න, ඒ පරණ දේශපාලනය.දැන් ඒකෙත් සජිත් ප්‍රේමදාස ගැන යම් බලාපොරොත්තුවක් තිබුණා නම් සජිත් ප්‍රේමදාස ගැන, ඒ බලාපොරොත්තුව රැක ගන්න තිබුණා එයා කටවහගෙන හිටියා නම්, කථා කරන්න කථා කරන්න ඇත්ත පේනවා.මහින්දලා සමත් වුණා ගෝඨාභයගේ කට වහලා තියන්න.හැබැයි සජිත් ප්‍රේමදාස නොදන්නා බව වත් දන්නේ නෑ.
නොදන්නා බව දන්නෙකි නම් එයාට උගන්වන්න කියනවා, දන්නා බව නොදන්නෙකි එයා නූගතෙකි.දන්නා බව දන්නෙකි එයා උගතෙක් ඇසුරු කරන්න කියනවා.නොදන්නා බව නොදන්නෙකි, මෝඩයෙකි.ඈත් කරන්න කියනවා.රටේ මුල් පුටුව නෙමෙයි ඇසුරු කරන්නවත් සුදුසු නෑ කියනවා.සජිත් ප්‍රේමදාසලාගේ පක්ෂය ගොඩනැගෙන්නේ ප්‍රථිපත්තිමය වෙනස්කමක් මත නෙමෙයි, රනිල් එක්ක දිනන්න බෑ කියලා.දිනන්න නම් සජිත් ඔ්න කියලා.දැන් දිනන්න බැරි රනිල් ජනාධිපති වෙනවා.දැන් හැරිසන් කියනවා මෙයාට දිනන්න බෑ, එයාට පුලුවන් කියලා.ගිය අවුරුද්දේ කිව්වේ රනිල්ට දිනන්න බෑ සජිත්ට පුලුවන් කියලා.දැන් සජිත්ට දිනන්න බෑ, රනිල් ජනාධිපති වෙනවා මං ඒ පැත්තට යනවා.සජබ කියන දේශපාලන කඳවුරත් දියවෙලා තියෙනවා යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 

 

තිසර සමල්- අනුරාධපුර

Post Views: 2
Previous Post

අපි අහරින් ස්වයංපෝෂිත දේශයක් බවට පත් කරනවා – අගමැති

Next Post

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගන්වයි

editor

editor

Next Post

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved