27 April 2024
#දේශීය

ඥානසාර හිමිට වසර 06 සිර දඩුවමක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, බරපතල වැඩ සහිත වසර 06 ක සිරදඬුවමක්, අභියාචනාධිකරණය නියම කර ඇත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළහ

මේ පිළිබඳව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව කැදවූ අවස්ථාවේදී දැනුම් දී ඇත.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමු කර තිබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *