• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයකට රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ අනුමැතිය

14 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභයක් ගෙන ඒමට සමත් අක්කර 400 ක නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.

පසුගියදා (11) පෙරවරුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ගේ සභාපතීත්වයෙන් පැවති රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව ඇත.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යට‌තේ දේශීය සහ විදේශීය රෙදිපිළි නිෂ්පාදකයන් සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත මෙම විශේෂීත රෙදිපිළි නිෂ්පාදන කලාපය කර්මාන්ත විෂය භාර අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විණි.

මෙම අවස්ථාවේදී විස්තරාත්මකව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා කාරක සභාවට දන්වා සිටියේ දැනටමත් එරාවුර්හි උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟළුමි විදේශීය වෙළඳපොළට නිෂ්පාදනය ඇරඹීම සඳහා කම්හල් දෙකක් සිය කැමැත්ත පළ කර ඇති බවයි.

ඒ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ මෙම කලාපය දේශීය සහ විදේශීය රෙදිපිළි නිෂ්පාදකයන් අරමුණු කරගත් කලාපයක් මිස ඇඟලුම් කර්මාන්තශාලා ස්ථාපනය කරන්නක් නොවන බවයි.

රට මුහුණ දී සිටින තත්ත්වය අනුව මෙබඳු ආයෝජන අවස්ථා අතිශය වැදගත් බව පිළිගත් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ එසේ වුවද සියලු රෙදිපිළි නිෂ්පාදකයන්හට සමාන අවස්ථා සහ බදු සහන හිමිවීම අත්‍යාවශ්‍ය හෙයින් එම සංශෝධනයට යටත්ව එරාවුර් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත මෙම විශේෂීත රෙදිපිළි නිෂ්පාදන කලාපයට කාරක සභාවේ අනුමැතිය හිමිවිණි.

මීට අමතරව, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යට‌තේ ආර්ථීක ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය විසින් බස්නාහිර පළාතේ, කොළඹ 02, ග්ලැනි වීදියෙහි ඒකාබද්ධ නිවාඩු නිකේතනය නම් වූ ව්‍යාපෘතියේ වාණීජ මෙහෙයුමි ඇරඹීම සඳහා 2021 ඔක්තෝම්බර් මස 2 වැනි දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලයක් ලබාදීම සඳහා ද රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.

එසේම, 2022 අයවැය ඇස්තමේන්තුව සඳහා ජාතික විගණන කාර්යාලයේ සමස්ත වියදම සඳහා මෙම කාරක සභාවෙහි අනුමැතිය හිමිවූ අතර විගණකාධීපති සී. වික්‍රමරත්න මහතා විශේෂයෙන් සඳහන් කළේ සිය කාර්යාලය සඳහා අන්තර්ජාතික පුහුණු මධ්‍යස්ථානයක් හොරණ ඉදිකිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා ප්‍රතිපාදන සපයාදෙන්නේ නමි අතිශයින්ම යෝග්‍ය බවයි. කැබිනට් මණ්ඩලය නව ගොඩනැගීමි සඳහා අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානමි ව නොසිටින බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පෙන්වා දුන් අතර සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පෙන්වා දුන්නේ ජාතික විගණන කාර්යාලයේ අවශ්‍යතාවය තමා පිළිගන්නා නමුත් දැනටම රාජ්‍ය ආයතන රැසක භාවිතයට නොගන්නා ගොඩනැගිලි රැසක් පවතින බව අවධානයට යොමුවිය යුතු බවයි.

සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට පැවති රජයේ මුදල් කාරක සභාව සඳහා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වූ අතර අමාත්‍යංශ කිහිපයක උසස් නිලධාරීහුද සහභාගි වූහ.

Post Views: 2
Previous Post

මාර්ගගත පරිගණක ක්‍රීඩාවලින් දරුවන් බේරාගන්නැයි පැමිණීල්ලක් – ලක්මව දියණියෝ

Next Post

රිෂාඩ් ඇප මත මුදාහරියි

editor

editor

Next Post

රිෂාඩ් ඇප මත මුදාහරියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල්ට මහාධිකරණයෙන් වරෙන්තු !

විමල්ට මහාධිකරණයෙන් වරෙන්තු !

14 January 2026
වසර හතරක නිහඬතාව බිඳ දමමින් BTS ලෝක සංචාරයක

වසර හතරක නිහඬතාව බිඳ දමමින් BTS ලෝක සංචාරයක

14 January 2026
ඇමෙරිකානු ක්‍රිකට් පිලේ පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයන් 4කට ඉන්දීය වීසා තහනම් වෙයි

ඇමෙරිකානු ක්‍රිකට් පිලේ පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයන් 4කට ඉන්දීය වීසා තහනම් වෙයි

14 January 2026
පැරණි පෙම්වතාගේ නිරුවත් රූ සමාජ මාධ්‍යයට මුදාහළ ඉංජිනේරුවරියක් අත්අඩංගුවට

පැරණි පෙම්වතාගේ නිරුවත් රූ සමාජ මාධ්‍යයට මුදාහළ ඉංජිනේරුවරියක් අත්අඩංගුවට

14 January 2026

Recent News

විමල්ට මහාධිකරණයෙන් වරෙන්තු !

විමල්ට මහාධිකරණයෙන් වරෙන්තු !

14 January 2026
වසර හතරක නිහඬතාව බිඳ දමමින් BTS ලෝක සංචාරයක

වසර හතරක නිහඬතාව බිඳ දමමින් BTS ලෝක සංචාරයක

14 January 2026
ඇමෙරිකානු ක්‍රිකට් පිලේ පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයන් 4කට ඉන්දීය වීසා තහනම් වෙයි

ඇමෙරිකානු ක්‍රිකට් පිලේ පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයන් 4කට ඉන්දීය වීසා තහනම් වෙයි

14 January 2026
පැරණි පෙම්වතාගේ නිරුවත් රූ සමාජ මාධ්‍යයට මුදාහළ ඉංජිනේරුවරියක් අත්අඩංගුවට

පැරණි පෙම්වතාගේ නිරුවත් රූ සමාජ මාධ්‍යයට මුදාහළ ඉංජිනේරුවරියක් අත්අඩංගුවට

14 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විමල්ට මහාධිකරණයෙන් වරෙන්තු !

විමල්ට මහාධිකරණයෙන් වරෙන්තු !

14 January 2026
වසර හතරක නිහඬතාව බිඳ දමමින් BTS ලෝක සංචාරයක

වසර හතරක නිහඬතාව බිඳ දමමින් BTS ලෝක සංචාරයක

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved