27 April 2024
#දේශීය

බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා – ඕමාන තානාපති ජනපතිට කියයි

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) පවසයි.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා අද (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරතව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමට ද සහාය වන ලෙස ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට එහි සිට ද කටයුතු කරන බව රෂ්ඩ් මහතා ජනාධිපතිවරයා සමග සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *