අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මැයි මස දීමනා, හෙට (29) දිනයේ සිට ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.
මෙම දීමනා සඳහා රජය විසින් රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (රු. 3,493,915,000) මුදලක් වෙන් කර ඇති අතර, ලක්ෂ 7කට ආසන්න ප්‍රතිලාභීන් පිරිසකට මෙහි වාසිය හිමි වේ.
පළමු අදියර: වැඩිහිටි ප්‍රතිලාභීන් 625,128ක් සඳහා රුපියල් 3,125,600,000ක්.
දෙවන අදියර: වැඩිහිටි ප්‍රතිලාභීන් 73,663ක් සඳහා රුපියල් 368,315,000ක්.
අදාළ සියලුම ප්‍රතිලාභීන්ට හෙට දිනයේ සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම හරහා මෙම දීමනාව ලබා ගැනීමේ හැකියාව පවතින බව මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.
















