• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ජයලැබූවන්ට අගමැති සුරතින් සම්මාන

24 March 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

“අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය – 2021” සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (23) පස්වරුවේ පැවැත්විණි.

රාජ්‍ය ආයතන සේවකයන්ගේ නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම,ඇගයීම සහ එම නිර්මාණ එළි දැක්වීමට අවස්ථාවක් උදාකිරීම හා එමගින් රාජ්‍ය ආයතනවල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදි.

සිංහල හා දෙමළ භාෂා මාධ්‍යවලින් ළමා කතා, පද්‍ය රචනා, ගීත රචනා, චිත්‍ර, කෙටිකතා, කෙටි චිත්‍රපට, ඡායාරූප සහ කෙටි නාට්‍ය යන අංශ ගණනාවක් යටතේ මෙම තරගාවලිය සඳහා දිවයිනපුරා සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ගෙන් නිර්මාණ ඉදිරිපත් වී තිබිණි. ඒ අතරින් තෝරාගත් සියලුම ජයග්‍රාහී නිර්මාණ සඳහා මෙහි දී සම්මාන ප්‍රදානය සිදුවිය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ සිංහල ජයග්‍රාහී නිර්මාණ එකතුව “ප්‍රභාස්වර” සහ දෙමළ ජයග්‍රාහී නිර්මාණ එකතුවත්, සිංහල හා දෙමළ ජයග්‍රාහී ළමා ග්‍රන්ථ ද්විත්වයත් අග්‍රාමාත්‍යවරයාට මෙහි දී පිළිගන්වන ලදි.

සිංහල හා දෙමළ කෙටි නාට්‍ය සම්මාන ප්‍රදානයට අදාළව විශිෂ්ටතම නාට්‍ය,හොඳම නළුවා සහ හොඳම නිලිය ඇතුළු සම්මාන අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මෙහි දී ප්‍රදානය කෙරිණි.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු ඇතුළු කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම සම්මාන ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශයන්ට සහාය දෙනවා – සහකාර ලේකම්වරිය

Next Post

මහ බැංකු අධිපති පාර්ලිමේන්තුව මඟ හරි – මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා

editor

editor

Next Post

මහ බැංකු අධිපති පාර්ලිමේන්තුව මඟ හරි - මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved