27 April 2024
#දේශීය

මහ බැංකු අධිපති පාර්ලිමේන්තුව මඟ හරි – මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද (24) රාජ්‍ය මුදල් කාරක සභාවට වාර්තා කරන ලෙස දන්වා තිබුව ද ඔහු එය මඟ හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ, මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියා තිබු නමුත් ඔවුන් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියා සිටින්නේ අද නොඑන බවත් සඳුදා පැමිණෙන බවයි.

නමුත් කබ්රාල් මහතා කලින් එන්නම් කියලා අද පොල්ල තිබ්බා බවත් රටේ මුදල් කළමනාකරණයේ ඉහළම තැන තමයි රාජ්‍ය මුදල් කාරක සභාව බවත් පාර්ලිමේන්තුවට මුදල් සම්බන්ධ දේවල් දාන්නෙත් මේ කාරක සභාවේ මුලින් සාකච්ඡා කර බව ද හෙතෙම පැවසිය.

රාජ්‍ය මූල්‍ය වගකීම ව්‍යවස්ථාවෙන්ම ලබාදීල තියෙන්නේ පාර්ලිමේන්තුවට වන අතර ඒ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට නොව බව ද මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

කබ්රාල්ලා මෙහෙම පොලු තියනව නම් මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්ණ කර සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *