බංග්ලාදේශයේ සිදුවූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි. වේගයෙන් ධාවනය වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ගලා යන ගඟකට පෙරළීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් විශාල පිරිසක් සිට ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් බංග්ලාදේශ සහන සේවා කණ්ඩායම් විසින් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි. ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව ගඟට වැටුණු පුද්ගලයින් බේරාගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව එරට බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇත.














