• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුව ශක්තිමත් කරන්නැයි බැසිල් ලංකාවට ආවේ – මන්ත්‍රී රෝහිත

21 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පක්ෂය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල ශක්තිමත්ව ගෙනයන බවත් පක්ෂයේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත ලංකාවට පැමිණි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “මේ දිනවල පාර්ලිමේන්තුව තුළ අයවැය විවාදයට ගැනෙන අවස්ථාවක්. හෙට දවසෙදී ඒ සම්බන්ධයෙන් ඡන්දය පාවිච්චි කිරීමට සියලුම මන්ත්‍රිවරු බලාගෙන සිටිනවා. විශේෂයෙන් අපි දන්නවා මේ අවස්ථාවේ රජයක් හැටියට ඉතාමත්ම ආර්ථික වශයෙන් ගෝලීය ආර්ථිකයත් ඉතාමත් අවසනාවන්ත තත්වයකට පත්වෙලා තිබෙන වෙලාවක අපේ රටෙත් ආර්ථිකය කඩා වැටිමක තිබෙන අවස්ථාවක තමයි මේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළේ. අද අපි දන්නවා අයවැය තුළ ලොකු පරතරයක් තියෙනවා. ආදායම් තත්වයට වඩා වියදම් තත්වය ඉතාම ඉහළ තත්වයක තිබෙනවා. මේ තත්වය තුළ ඉතාමත්ම අමාරුවෙන් ගෙනයන අයවැයක් බවට මේ අයවැය පත්වෙලා තිබෙනවා. අපි මේ අවස්ථාවේ උත්සහ කරන්න ඕන පක්ෂ පාඨ ජාති කුලමල වලට බෙදිලා වෙන්වෙලා ඒ පැරණි දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් පණිවිඩයක් ලබා දෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා හැම කෙනෙකුටම ආරාධනා කලා මේ ත්‍රස්තවාදය අවසන් කරන්න එකතුවෙන්න කියලා. ඒ අවස්ථාවේ දී හුඟක් දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන, මාධ්‍ය එතුමාට ශක්තිය දිලා තමයි එදා ත්‍රස්තවාදය පරාජය කළේ. අන්න ඒ වගේ මේ අවස්ථාවේදී හැම කෙනෙක්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට, රජයට අපි සහයෝගය දෙන්න වෙයි ජාතියක් විදිහට. ඒ නැගිටින්න අපට කළයුතු වෙන්නේ ආදායම් උත්පාදනය කරන, විදේශ විනිමය වැඩිපුර රටට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයන්වලට යන්න. සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්න, විදේශ ආයෝජනවලට එන්න පුළුවන් ස්ථාවරභාවයක් රට තුළ ඇති කරන්න වෙනවා. ඒ වගේම අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම තුළින් අපිට පුළුවන් වෙයි අපේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගේන්න. හැබැයි සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරගෙන එන අවස්ථාවේදී උද්ඝෝෂණයන්, පාරවල් වසාගෙන සිටිමෙන් සංචාරකයෝ නැවත ලංකාවට එන්නේ නැතිවෙයි. පහුගිය දිනවල මේ අරගලයක් කරලා අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රිතුමා ඇතුළු ඝාතන රාශියක් කරලා, මේ රටේ දේපළ සම්පූර්ණයෙන් විනාශ කරලා එයින් ලබාගත්තු ප්‍රයෝජනයක් තිබෙනවාද? ඒ නිසා රටට ආයෝජනයන් එන අවස්ථාවේ එයට බාධා කරන්නේ රට අස්ථාවර කරන්නයි. එ් නිස කරුණාකරලා කියනවා මේ අවස්ථාවේ අපි හැමෝම එකතුවෙලා ආර්ථික අර්බුදයෙන් නැගිටින්න අවශ්‍ය කරන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සහය වෙන්න.
ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි පක්ෂය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල අපි ශක්තිමත්ව ගෙනියනවා. ඊයේ දවසේ අපේ පක්ෂයේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට පැමිණියා. අපි දැක්කා ඊයේ සමහර කිිහිපදෙනෙක් භුමිතෙල් වැදුණු ගැරඩි වගේ යන එනමන් නැතිව දුවනවා. ඇයි බැසිල් රාජපක්ෂට බය? මොකක්හරි ප්‍රශ්නයක් තිබෙනවාද? බය වෙන්න එපා. පිං සිද්ධවෙයි පැත්තකට වෙලා ඉන්න දෙන්නකො එතුමාට. දැන් පාර්ලිමේන්තුවෙනුත් අයින් වුණා. හැබැයි මතක තියාගන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිධූරයෙනුයි ඒ සියල්ලෙන් ඉවත් වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන මේ දැවැන්ත පක්ෂයට නායකත්වය දෙන්න එතුමා ඉන්නවා. ඒ වෙනුවෙන් අපි ඒ වගකීම කරනවා. හුඟක් වෙලාවට අපි දන්නවා බොරුව ටික කාලයයි. ඇත්ත එළියට එන්න දීර්ඝ කාලයක් යනවා. මේ රටේ ඉතිහාසයේ හිටපු නොයෙකුත් නායකයන්ට විරුද්ධව කතා කිව්වා. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන ඒ චෝදනා කරන අයට කියනවා අපි ඔය චෝදනා භාරගන්නෙත් නෑ, බැසිල් රාජපක්ෂ මැතිතුමා භාර ගන්නෙත් නෑ.” යැයි මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට – ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව

Next Post

බොරු අරගල, උද්ඝෝෂණ රටේ කීර්ති නාමය පිරිහිම කණගාටුදායක තත්වයක් – මන්ත්‍රී සාගර

editor

editor

Next Post

බොරු අරගල, උද්ඝෝෂණ රටේ කීර්ති නාමය පිරිහිම කණගාටුදායක තත්වයක් - මන්ත්‍රී සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved