27 April 2024
#දේශීය

22 නිසා පාර්ලිමේන්තු යන්න බැරි බැසිල්, මෙරටට එන්නේ දෙසැම්බර්වලදී

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙරට යළි පැමිණිම හෙට සිදු වනු ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පල වුවත් ඔහු යළි මෙරටට පැමිණෙන්නේ මෙම වසර අග බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට 22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී ද්විත්ව පුරවැසිභාවය ලැබු අයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයට පත්වීම වැලැක්විමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එම යෝජනාවට බැසිල් රාජපක්ෂගේ හිතවත් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ එම යෝජනාව හේතුවෙන් 22 ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පල කරන බවයි.

බැසිල් රාජපක්ෂ දුරකථනයෙන්, සූම් තාක්ෂණය ඔස්සේ තමන්ට පක්ෂපාතී මන්ත්‍රීවරුන් සාකච්ඡාවට කැඳවලා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කෙසේ හෝ වැළැක්වීමට ඔවුන් මෙහෙයවන බව වාර්තා වන බව විමල් පාර්ශවයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා පවසා සිටියේය.

කෙසේ වෙතත් අප වෙත වාර්තා වන ආකාරයට බැසිල් රාජපක්ෂ විසින් මේ වන සක්‍රිය දේශපාලනයෙන් ඉවත්ව කෙටි කාලිනව නිවාඩු ගෙන ඇති බවයි. ඔහු ඉදිරි දෙසැම්බර් මසදී මෙරටට පැමිණිමට නියමිත බව ඔහුගේ සමිපතයෙකු අප වෙත පැවසිය. ඒ අනුව ඉදිරි මැතිවරණවලදි කලයුතු දේ සැලසුම් කර බවත් මේ වන විටදී ආණ්ඩුව වීසින් මැතිවරණ කල් දමා ඇති මොහොතක සක්‍රියව දේශපාලනයට පිවිසිම අවශ්‍ය නොවන බව කියා සිටියේ.

ඒ අනුව 22 ව්‍යවස්ථා සංශෝධනයට මේ අවස්ථාවේදී සම්මත වීම බැසිල් රාජපක්ෂගේ දේශපාලනය ජිවිතයට කිසිදු හානියක් නොමැති බව බැසිල් රාජපක්ෂගේ සමීපතයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *