27 April 2024
#ක්‍රීඩා

ලස්සනයි ලොකුයි

මෛත්‍රී මහත්තයයි -මහින්ද මහත්තයයි එකට හිටෙව්වොත් මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාට වඩා ලස්සනයි, පෙනුමෙන් ලොකු වෙන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරපුර නැගෙනහිර ප්‍ර දේශයෙ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා මහින්ද මහත්තයා වඩා ආකර්ෂණිය වෙන්න පුලුවන් බවයි. හැබැයි අපට අවශ්‍ය වන්නේ නලුවෙක් නොවන බවත් අපිට ඕන රටට ආදරය කරන, මහ පොළවට ආදරය කරන, ජනතාවට ආදරය කරන මනුස්සයෙක් බව හෙතෙම කියා සිටියේය.

දරුවෙක් වඩා ගෙන ඔලුව අතගාල ෆොටෝ ගහන අය නොවන අතර හැබෑවටම අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී වෙන රටක් හදන්න පුලුවන් මිනිහෙකුට තමයි අපි ආදරය කරන්නේ යැයි දිසානායක මහතා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *