27 April 2024
#ක්‍රීඩා

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නෑ

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැති බවත් එම පක්ෂය හදනකොටම තමා පැවසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය “අපි රාජ්‍ය සම්පත් විකුණන්නේ නැහැ. මේ අපේ භූමියයි. රටට වරදක් වෙනවා නම් ඊට මම ඉඩදෙන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමයි අපේ රටේ ඉඩම් චීනයට සින්නක්කර විකුණා තිබෙන්නේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අහනවා අපේ රජය මොනවද කළේ කියලා. සල්ලිකාරයන්ට නම් ප්‍රශ්ණයක් නැහැ. අපි ජනතාවට සේවය කර තිබෙනවා. සෞඛ්‍ය සේවාව තුල සිදු කළ සේවාව හේතුවෙන් මිනිසුන් අද ජීවත් වෙනවා. පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැහැ. මම එය හදනකොටත් කිවුවා. අපි රාත්‍රියේ හොරු අල්ලන සාකච්ඡා තියනවා කියලා මාධ්‍යයේ පළ වුනා. කිසියම් රැස්වීමක මම වාඩ් උනොත් හිතන්නේ හොරු අල්ලන්න වාඩ් වුනා කියලා. අපේ සමහරුන්ටත් ජනවාරි 08 වනිදා කිවුවේ මොනා ද කියලා අමතකයි. නියම නීතියට අනුව විශේෂ අධිකරණ පිහිටුවීම සිදු කරනවා. 2018 – 2019 තීරණාත්මකයි. අපට ලබාදුන් ජනවරම පාවා දෙන්නේ නැහැ. සෑම ප්‍රශ්ණයක්ම විසදමින් ජනතා සේවාවන් ඉටු කරනවා.” යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *