27 April 2024
#දේශීය

ඉන්දියාවේ අතරමං වු ශ්‍රී ලාංකිකයින් ගෙන්වයි

කොවිඩ් 09 වසන්ගතය නිසා සිය රටට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රි ලාංකිකයන් අමාත්‍ය දේවානන්දාගේ මැදිහත් වීම මත මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඔවුන් රැගත් පළමු ගුවන්යානය ශ්‍රී ලංකා එයාර්ලයින් UL 1124 ගුවන්යානයෙන් මගින් 283 ක් පසුගිය 31 වනදා කටුනායක ගුවන්තොටුපලට ලගාවිය.

තවමත් 1500 කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවක් මවු රටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ විවිධ අපහසුතා වලට මුහුණදෙමින් සිටි.

මෙසේ ගෙන එන ලද මගීන් P.C.Rපරික්ෂණ සිදු කිරීමෙන් පසු කොවීඩ් 09 රෝගී තත්වයන් නොමැති බව තහවුරුවූවත් නිරෝදායන මද්‍යස්ථානවල රදවා තැබීමෙන් පසු සිය ගම්බිම් සදහා යැවීමට කටයුතු කරයි.

මෙම පිරිස බියගම,ගල්පන්ද හා මාතර ප්‍රදේශවල පිහිටවා ඇති නිරෝධායන මද්‍යස්ථාන වලට දැනට යොමුකර ඇති අතර මේ අතර ඉන්දියාවෙහි සිය රටට පැමිණීමට බලාපොරොත්තුව සිටින පිරිස කඩිනමින් සිය රටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *