27 April 2024
#දේශීය

නීතිය සැමට එක සමාන විය යුතුයි – අධිකරණ ඇමැති කියයි

මෙරට නීති පද්ධතිය 1947 න් පසු නිසි පරිදි යාවත් කාලීන වී නොමැති බවත් නීතිය සැමට එක හා සමාන විය යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාතවරයා මේ බව පැවසුවේ 2021 නව වසරේ අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ අධිකරණ ක්ෂේත්‍රය වෙනස් කිරීමේ වගකීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරිමේ වැදගත්කම යනාදී කරුණු ගණනාවක් සදහා අඩිතාලම දමා ඇති බවත් ඒ සදහා මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානට යොමු කර ඇති බවද සදහන් කළේය

සියලු දෙනා යම් දිනක විශ්‍රාම යන බැවින් යම් සේවයක් කළා යැයි සතුටු විය හැකි ආකාරයට ක්‍රියා කිරීම වැදගත් බවත් ඉදිරි කාලය තුළ ක්‍රමානුකූලව, විද්‍යානුකූලව හා තාක්ෂණයට අනුව කටයුතු කර අවසානයේ සියලු ප්‍රතිලාභයන් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙත ගලා යන ආකාරයට ක්‍රියා කිරිම වැදගත් බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ .මායාදුන්නෙ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *