බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.
පවතින බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වන දින බස් ගාස්තු සංශෝධනය කළ යුතුය. ඒ අනුව, පෙබරවාරි මාසයේ සිට ඉන්ධන මිලෙහි සහ අමෙරිකානු ඩොලරයේ සිදුවන උච්ඡාවචනයන්, ධාවන වියදම්, අමතර කොටස්වල මිල සහ අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධනය සිදු කෙරේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව සහ 2026 ජූනි 30 වන දින සිට ක්‍රියාත්මක ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් මෙම බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
















