අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කර තිබේ.
ඒ මහතා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ගොස් එහිදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
පෙර පුවත ප්‍රතිකාර ලබමින් සිටි රාජිත CID අත්අඩංගුවට ගනි ( 2019-12-27 15:23:45)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණි.
පෙර පුවත
පොලිසියට සොයා ගන්න බැරිව සිටි රාජිත රෝහල් ගත වෙයි
දිලිනි සමන්මලි












