27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ පාසල් 126 ක් මත්රකුසාට ගොදුරු වෙලා

මධ්‍යම පළාතේ පාසල් 126ක් මත් උවදුරට ගොදුරු වී ඇති බව එම තත්ත්වය කඩිනමින් වෙනස් කල යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්.යු.ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ අද (27) පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයට රැස් වු අවස්ථාවේදීය. එම සාකච්ඡාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් , මහනුවර මාතලේ දිස්ත්‍රීක් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්,  ශ්‍රී ලංකා පොලීසියේ ඉහල නිලධාරීන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගී විය.

මෙම කමිටු රැස්වීමේදී ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ජාතික මට්ටමේ සැලසුම් පැවතියත් වර්තමානයේ පවතින දත්තයන් සලකා බැලු විට ‍එම සැලසුම් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

මේ වන විට මධ්‍යම පලාත තුල පාසල් 126 ක් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බව අනාවරණ වී ඇති අතර එය කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කල යුතු බවයි. එසේම එක් මාසයක කාලයක් තුල ඒකාබද්ධ සැලසුමක් නිර්මාණය කර මත්උවදුරෙන් අප දරුවන් මුදවාගැනීමට අප කටයුතු කල යුතු බව හෙතෙම පැවසිය.

ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ආණ්ඩුකාරවරයා ලබා දෙන බව කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *