27 April 2024
#දේශීය

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහතිකය ඔන්ලයින් ක්‍රමයට

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකියාව තිබේ.

අද (28) සිට උසස් පෙළ ප්‍රතිඵල සහතිකය ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනිමේ පහසුකමද සලසා දී තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් විභාගය සදහා පෙනී සිටි මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 81,786ක්. එම අයදුම්කරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සිසුන් එක් ලක්ෂ 81,126 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පැරණි නිර්දේශය යටතේ මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 94,619 දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් සිසුන් 67,489 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සුදුසුකම් ලබා තිබේ.

සිසුන් එක් ලක්ෂ 87,167 දෙනෙකු නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිට ඇති අතර ඉන් සිසුන් එක් ලක්ෂ 13,637 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සුදුසුකම් ලබා ඇති බව සදහන්.

මෙන්ම ප්‍රතිඵල නැවත සම්ක්ෂණය සදහා ලබන වසරේ ජනවාරි මස 17 වන දිනට ප්‍රථම අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *